චම්පික -සජිත් අරගලයෙන් චම්පික කැපේ…

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අමාත්‍ය චම්පික රණවක විසින් විසුම්පායේ පවත්වා ගෙන ගිය මැතිවරණ ප්‍රචාරණ කාර්‍යාලය වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමන ලෙස සජිත් ප්‍රේමදාස මහතා නියෝග කර ඇත .ඒ අනුව පසුගිය සතිඅන්තයේ විසුම්පායේ පවත්වා ගෙන ගිය මැතිවරණ ප්‍රචාරණ කාර්‍යාලයට ඉබි යතුරු දමා සීල් තබා ඇත .

මෙයට හේතු වී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා සහ චම්පික රණවක මහතා අතර හටගෙන තිබෙන දේශපාලන අර්බුදයකි.ඊට බලපෑ ප්‍රධාන හේතුව වූයේ සජිත් ගේ ප්‍රචාරණ කාර්‍යාලයෙන් රුපියල් මිලියන 100ක පමණ මුදලක් ප්‍රචාරණ රැලි සදහා යැයි ලබාගෙන එම මුදලින් චම්පික රණවක මහතා ගේ ප්‍රතිරූපය නගා සිටුවීම සදහා කටයුතු කිරීමය .එසේම චම්පික රණවක මහතා ගේ ප්‍රචාරණ කළමනාකරු ධනුෂ්ක රාමනායක භාරයේ තිබූ රුපියල් මිලියන ගණනක මුදලක් අතුරුදන් වීමද චම්පික -සජිත් අරගලයට තවත් හේතුවකි.මෙම අරගලය උත්සන්න වීමෙන් පසු සජිත් ගේ ජන්ද වේදිකාවේ චම්පික රණවක අමාත්‍යවරයාට කතා කිරීමට ලබා දී තිබූ අවස්ථාවද අහිමි කර ඇත .එසේම චම්පික ගේ දේශපාලන ව්‍යාපෘතිය මගින් සජිත් ට බලය ලැබුණොත් එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා වීමට උපක්‍රම යෙදීම සම්බන්ධයෙන් ද එ.ජා.ප ප්‍රබලයන් රණවක අමාත්‍යවරයා දැඩි දෝෂ දර්ශනයට ලක් කර ඇත .මෙම අර්බුදය නිසා චම්පික රණවක අමාත්‍යවරයා බෙහෙවින් අසරණ තත්ත්වයට පත්ව සිටින බවද දැනගන්නට ඇත .

සජිත් බෙදුම්වාදීන් ගේ කොන්දේසි පිලිගනී-උතුරේ තැපැල් ජන්දය සජිත් පිලට ජනාධිපතිවරණයේ තැපැල් ජන්ද ප්‍රකාශ කිරීමට නියමිත දිනය ලබන 31 වැනිදාට යෙදී ඇති බැවින් දෙමළ ජාතික සන්ධානය ලබන 24 වැනිදා ඔවුන්ගේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇතැයි වාර්තා වේ .

මේ සදහා දෙමළ සන්ධානය ඉදිරිපත් කරන ලද රට බෙදන කොන්දේසි 13ට සජිත් පාර්ශ්වය තිරය පිටුපස සිට එකගතාව පලකර තිබේ .එම එකගතාවයේ ප්‍රතිඵලයක් ලෙස උතුරේ තැපැල් ජන්දය සජිත් පාර්ශවයට පක්ෂව ලබාදෙන ලෙස දෙමළ ජාතික සන්ධානය ස්වකීය අනුගාමිකයන්ට දැනුම් දෙනු ඇත .

රට බෙදන කොන්දේසි කිසිවකට තමන් එකග නොවන බව සජිත් ප්‍රේමදාස පුන පුනා ප්‍රකාශ කළද දෙමළ සන්ධානය ඔහුට සහාය පල කරන්නේ එකී කොන්දේසි සියල්ල පිළිගත් නිසා බව දැනගන්නට ඇත .

උතුරු නැගෙනහිර නැවත එක් කිරීම ,උතුරේ හමුදා කදවුරු ඉවත් කර ෆෙඩරල් පාලන ක්‍රමයක් පිලිගැනීම ,බොදු සිද්ධස්ථාන උතුරෙන් ඉවත් කිරීම ආදී බරපතළ කොන්දේසි දෙමළ සන්ධානය ඉදිරිපත් කර තිබූ අතර සජිත් ප්‍රේමදාස එම කොන්දේසි පිලිගෙන ඇත්තේ නියත මැතිවරණ පරාජයෙන් ගැලවීමේ මගක් වශයෙනි .

 

 

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page