ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

චීනයෙන් ආධාර දෙන්න අමුතු ඉල්ලීමක්

මෙයට මාස 3කට පමණ පෙර චීන රජය ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 1200 සහන ණය මුදලක් සැපයීමට පොරොන්දු වූයේ නව රජයේ ආර්ථික වැඩපිළිවෙළ ට ආධාරයක් ලෙසය .ඒ අනුව ණය මුදලේ ප්‍රථම වාරිකය ලෙස ඩොලර් මිලියන 500ක් ශ්‍රී ලංකාවට සැපයුණි.රජය ගෙවිය යුතු විදේශ ණය ගෙවීම සදහා අදාල අරමුදල විදේශ විනිමය සංචිතයේ තැන්පත් කෙරුණි.

එම ණය මුදලේ දෙවන වාරිකය ලෙස තවත් ඩොලර් මිලියන 700ක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය .එහෙත් දිනෙන් දින එය ප්‍රමාද වෙමින් පවතී .මේ ගැන ශ්‍රී ලංකා රජයේ බලධරයන් චීන රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් විමසූ විට ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවට දෙවැනි ණය වාරිකය සැපයීමට නම් අගමැති මහින්ද රාජපක්ෂ මහතා චීනයට පැමිණිය යුතු බවයි .ඒ සදහා කලින් දින යොදා ගෙන තිබුණත් චීනයේ ආරම්භ වූ කොරෝනා වසංගතය නිසා අගමැතිවරයා ගේ ගමන අවලංගු කෙරිණි .තවමත් එරට කොරෝනා වසංගතය මර්දනය වී නැත .එසේ වුවත් ඉතිරි ණය සැපයීමට නම් අගමැතිවරයා චීනයට පැමිණිය යුතු යැයි ඔවුන් ගත් ස්ථාවරයේ දිගින් දිගටම රැදී සිටීම නිසා ණය වාරිකය ප්‍රමාද වෙයි .එය අප රට කලින් සැලසුම් කර තිබූ ආර්ථික සැලසුම්වල ට බාධාවක් වී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි .

Leave a reply: