චීනයෙන් මෙරටට ගෙන්වන සිසු සිසුවියන් එකවර සමාජයට මුදා නොහරින්නයැයි වෛද්‍ය සංගමය ඉල්ලයි

නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් විශාල පිරිසක් මිය ගොස් ඇති චීනයේ විවිධ අධ්‍යාපන ආයතනවල ඉගෙන ගන්නා සිසු සිසුවියන් මෙරටට ගෙන්වා ගැනීමෙන් පසු එකවර ඔවුන් සමාජයට මුදා නොහරින්නයැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

මෙලෙස වාර කිහිපයකට චීනයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසු සිසුවියන් තුන් සිය ගණනකට ආසන්න සංඛ්‍යාවක් මෙරටට ගෙන්වා ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ උපදෙස් පරිදි රජය ක්‍රියා කළේය. එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ පවුල් වලින් ජනාධිපතිවරයා වෙත ලැබුණු ඉල්ලීම් සලකා බලා ජනාධිපතිවරයා එම නියෝගය කළේය. ඒත් විධිමත් වෛද්‍ය ආරක්ෂාවන් සැලසීමකින් තොරව ඔවුන් සමාජයට මුදා හැරීමෙන් මෙරටද කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානමක් ඇතැයි වෛද්‍ය සංගමය අනතුරු අගවයි. වූහාන් ප්‍රාන්තයේ බරපතළ ලෙස මෙම රෝගය ව්‍යාප්තව තිබියදී එහි කොටුවී සිටින ශ්‍රී ලාංකික සිසු සිසුවියන් 30 දෙනෙකු වහාම මෙරටට ගෙන්වා ගැනීමට ආණ්ඩුව ගත් තීරණය පැසසුම් කටයුතු ය.

එහෙත් අනතුරුදායක ප්‍රදේශයක සිට පැමිණෙන මෙම පිරිස එකවර සමාජයට මුදා නොහැර අඩුම තරමින් දින 15කට වැඩි කාලයක් රැදවුම් මධ්‍යස්ථානයක නවත්වා ඔවුන්ගෙන් රෝගය බෝ වීමේ අවදානමක් ඇත්දැයි විමර්ශනය කළ යුතු යැයි වෛද්‍ය සංගමයේ මතයයි.

එසේම දැනට රෝගය වැළදී ඇතැයි නිගමනය කර ඇති චීන ජාතික කාන්තාව මෙරට සංචාරයේ දී රැදී හෝටල් සහ නවාතැන් ආදියේ තොරතුරු විමසා බලා කඩිනමින් තීරණයක් ගන්නා ලෙස බහුජන සංවිධාන ගණනාවක් රජයෙන් ඉල්ලා සිටී.

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page