චීන ජනපතිටත් එන්නත ගැන ඉල්ලීමක්

චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගෙන් ද එරට නිපදවන කොරෝනා එන්නත සහන මිලකට කඩිනමින් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ලිඛිතව ඉල්ලීමක් කළේය .මෙයට පෙර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙයට සමාන ඉල්ලීමක් කර ඇත .එයට ඉන්දීය රජය මේ වන විටත් සාර්ථක ප්‍රතිචාරයක් දක්වා තිබේ .

බංග්ලාදේශය ,තායිලන්තය සිංගප්පූරුව ,මැලේසියාව ,ඉන්දුනීසියාව ආදී රටවල් රැසක් ආසියානු රටවල නිපදවන කොරෝනා එන්නත මිලදී ගැනීම සඳහා පෝලිමේ සිටිති .ශ්‍රී ලංකාව ද එම පෝලිමට අයත්ය.එහෙත් චීනය හා ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව ට තිබෙන සමීප සබඳතා උපයෝගී කරගෙන කඩිනමින් සහ සහන මිලකට එම එන්නත් ලබා ගැනීමේ හැකියාවක් ඇතැයි රජයේ එන්නත්කරණ කමිටු සභාපති ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා විශ්වාසය පළ කරයි.පෙබරවාරි මස අවසන් සතියේ මෙරටට ප්‍රථම එන්නත් තොගය ලබා ගැනීම රජයේ සැලසුම බවද ඔහු වැඩිදුරටත් කීය.

Leave a reply: