ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

ඡන්ද වේදිකා ගණනාවක දී සරත් ෆොන්සේකාට හූ කියති

සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂක වරයාගේ මැතිවරණ වේදිකාවල බම්මන්නා ගේ චරිතය රඟපාන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ බලවත් විරෝධය එල්ල වන්නට පටන් ගෙන තිබේ .

පොහොට්ටුවේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අසභ්‍ය වචන පාවිච්චි කරමින් බැන වැදීම නිසා එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ පවා උදහසට ලක්වී සිටින ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාටමෙලෙස පළමු වරට ජනතා විරෝධය එල්ල වූයේ වැලිමඩ මැතිවරණ වේදිකාවේ දී ය .

ඔහු හෝතඹුවා හාල් පාරුවා අපතයා ආදි වචන පාවිච්චි කරමින් ගෝඨාභය රාජපක්ෂ අල්ලා සිරගත කරන බව සඳහන් කරන විට එහි සිටි එක්සත් ජාතික පාක්ෂිකයන් ෆොන්සේකාට හූ කියන්නට පටන් ගෙන තිබේ ඉන් අනතුරුව තමන්ගේ කතාව නවතා දැමූ සරත් ෆොන්සේකා මින් ඉදිරියට මෙහෙම නම් මම කතා කරන්නේ නැතැයි පවසා ඡන්ද වේදිකාවෙන් බැස ගියේය .ඉන් පසුව තවත් මැතිවරණ වේදිකාව ගණනාවකදීම ඔහුට මෙලෙස විරෝධය එල්ල වීම නිසා සජිත් ප්‍රේමදාස ඔහුට පරිස්සමෙන් කතා කරන ලෙස අවවාද කර ඇතැයිද දැනගන්නට ඇත.

Leave a reply: