ජනතාවට පහසුකම් සැපයෙන මෙහෙයුම් මැදිරිය පැය 24 ම වැඩ

රජය ආරම්භ කර ඇති 24 පැය පුරා ක්‍රියාත්මක වන කොරෝනා රෝග මර්දන මෙහෙයුම් මැදිරිය රට පුරා ආහාර පාන සහ ඖෂධ සැපයුම ගැන විධිමත් සැලසුමක් සකස් කර ඇත .ඒ සදහා දිවයින පුරා ක්‍රියාත්මක වන ෆාමසි 650 ක සේවක සේවිකාවන් යෙදවීම සම්බන්ධයෙන් මෙහෙයුම් කාර්‍යාංශ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා ෆාමසි හිමියන් ගේ සංගමය සමග සාකච්ඡා කර තීරණ ගනු ලැබීය

දිවයින පුරා ආහාර පාන සැපයීමට සහ දුප්පත් ජනතාවට සහනාධාර සැපයීමට අදාළ ප්‍රශ්න ගැන රට පුරා සිටින ප්‍රාදේශීය ලේකම්වරු 325 දෙනාට පුද්ගලිකව දුරකතනයෙන් අමතා අවශ්‍ය උපදෙස් සැපයීමට බැසිල් රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේම පියවර ගෙන ඇත .

ධීවර ජනතාව විසින් අල්ලනු ලබන මාලු මිලදී ගැනීම සදහා ධීවර අමාත්‍යවරයාට රජය රුපියල් මිලියන හයසියයක් ඊයේම නිදහස් කර දෙනු ලැබීය .බිත්තරයක් රුපියල් 10 ක මුදලට සැපයීම මේ වන විටත් සිදු කෙරේ .තවමත් විධිමත් වී නැති කොලඹ දිස්ත්‍රික්කයේ ආහාර පාන සැපයුම විධිමත් කිරීමට කොරෝනා මෙහෙයුම් මැදිරිය අද (බ්‍රහස්පතින්දා ) දින විශේෂ වැඩපිළිවෙළක් සකස් කරමින් සිටී

දැනටමත් රට තුළ මාස 3 කට ප්‍රමාණවත් බෙහෙත් තොග ගබඩා කර පවතී.මාසයකට ප්‍රමාණවත් ආහාර තොගද සති 3කට ප්‍රමාණවත් ඉන්ධන තොගද රජය සතුය .මාස දෙකකට ප්‍රමාණවත් ගෑස් තොග ගබඩා කර තිබේ .ඉන්ධන භාවිතය සීමා වී තිබීම නිසා ඉන්ධන ගැටලුවක් ඇති නොවන බව රජය කියයි .

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page