ජනතාවට සියල්ල නොමිලේ දෙන්නට පොරොන්දු වූ සජිත්ගේ දෙවන පරාජය බරපතලයි .

ජනතාවට බොහෝ දේ නොමිලේ සපයාදීමට අසීමිත පොරොන්දු දෙමින් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ගෙන ගිය සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දෙවැනි මැතිවරණ පරාජය බෙහෙවින් බරපතල වී තිබේ. 2019 ජනාධිපතිවරණයට සාපේක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මහා මැතිවරණයේදී ඡන්ද හැත්තෑ දහසක් පමණ අඩු වී තිබේ. එය සාමාන්‍ය අඩුවක් වුවත් සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයට ජනාධිපතිවරණයට සාපේක්ෂව ඡන්ද ලක්ෂ 27ක් අඩුවී විශාල ගරා වැටීමට වැටීමකට ලක්ව ඇත.ජනාධිපතිවරණයේදී සජිත් සමඟ සිටි එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය ලබාගත් ඡන්ද සංඛ්‍යාවන් එකතු කල ද එම ප්‍රමාණය ඡන්ද ලක්ෂ පහක් පමණය. ඒ අනුව සලකා බලන විට සජිත් ප්‍රේමදාස ද රනිල් වික්‍රමසිංහ මෙන්ම පරාජිත පක්ෂ නායකයෙකු ලෙස වාර්තා පොතට එක් වෙමින් සිටි. මෙම මැතිවරණ පරාජය සජිත් ප්‍රේමදාස ලද දෙවන බරපතළ ඡන්ද පරාජයයි.

සජිත් ප්‍රේමදාසට ඡන්ද ලක්ෂ විසි හතක් අඩුවී පොහොට්ටුවට ඡන්ද හැත්තෑ දහසක් අඩුවුවද ජනතා විමුක්ති පෙරමුණේ මාලිමාවට මෙවර ඡන්ද 27000 ක සුළු වැඩිවීමක් පෙන්නුම් කරයි .එසේ වුවද ඔවුන් පසුගිය පාර්ලිමේන්තුවේ දී ලබාගෙන සිටි මන්ත්‍රී ආසන හය මෙවර මන්ත්‍රී ආසන තුනක් දක්වා අඩුකර ගෙන ඇත .

ශ්‍රී ලංකාවේ මනාප ඡන්ද ඉතිහාසයේ වාර්තාවක් තබමින් කුරුණෑගලින් මහමැතිවරණයට තරඟ කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා මනාප ඡන්ද පන් ලක්ෂ විසි හත්දහස් තුන්සිය හැට හතරක් ලබා ගනිමින් සියයට 81% ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර ඇත. එතරම් ඡන්ද ප්‍රතිශතයක් මෙතෙක් මෙරට කිසිම දේශපාලනඥයෙක් වාර්තා කර නැති බව විශ්ලේෂකයෝ පවසති.කුරුණෑගල දිස්ත්‍රික්කයේ දී පොහොට්ටුවට ලැබුණු මුළු ඡන්ද හය ලක්ෂ හතලිස් නවදහස් නමසිය හැට පහෙන් මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද පන් ලක්ෂ විසි හත්දහස් තුන්සිය හැට හතරක් ලබාගනිමින් මෙම වාර්තාව තැබීය .

Leave a reply: