ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

ස්වකීය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර නොගෙන මෙරට ජනාධිපති ධුරයට තරග කල බවට චෝදනා කරමින් මංගල සමරවීර සහ චම්පික රණවක යන හිටපු ඇමතිවරුන් දෙදෙනා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නඩු පවරන බව ප්‍රකාශ කර තිබිණි.පසුගිය වසරේ අප්‍රේල් මාසයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ස්වකීය ඇමරිකානු පුරවැසි භාවය ඉවත්කරගෙන තිබුණද එය ඇමරිකානු ෆෙඩරල් රෙජිස්ටරයේ සඳහන් වන්නේ වසරකට පසුවය. එබැවින් එය මෙම වසරේ මැයි මාසයේ එය ප්‍රකාශයට පත් විය. මෙහි දී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශාල වරදක් කර ඇතැයි සඳහන් කරමින් ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් නොකර ජනපති ධුරයට පත්වීම නීති විරෝධී බව මෙම විරෝධී බව මෙම ඇමැතිවරු ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවේය.

එහෙත් ඔවුන්ගේ මෙම නඩු දමන බවට වූ ප්‍රකාශයෙන් පසුව තත්ත්වය පැහැදිලි කරමින් මෙරට ප්‍රධාන පෙළේ ඉංග්‍රීසි පුවත්පත් කිහිපයකටම ප්‍රකාශයක් ප්‍රකාශයක් නිකුත් කළ ඇමරිකානු තානාපතිවරිය ගෝඨාභය රාජපක්ෂ මහතා ස්වකීය පුරවැසිභාවය ඉවත් කර ගත්තේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී බව ස්ථිර කළාය .ඒ සමඟම මංගල සහ චම්පික ගේ නඩු කතාවේ හුළං බැස ගිය අතර ඔවුන් ගෙන් ඒ සම්බන්ධව නැවතත් විමසීමට කතා කළ මාධ්‍යවේදීන්ට මේ දෙදෙනාම පිළිතුරු දීමෙන් වැලකී සිටින බව වාර්තා වෙයි .

Leave a reply: