ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

ජනපතිට සහ අගමැතිට චීනය, ජපානය සහ පාකිස්තානයෙන් විශේෂ ආරාධනා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත් ලෝකයේ ප්‍රබල රටවල් තුනකින් නිල චාරිකා සඳහා පැමිණෙන්නැයි ආරාධනය කර තිබේ .මෙයින් චීනය සහ ජපානය විශේෂ ඇරයුම් දෙකක් සිදුකර ඇත්තේ එම රටවල් නව රජය සමඟ මූල්‍ය ආධාර වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට ඇති කැමැත්ත පළ කරමිනි .

ඒ අතර අධිවේගී මාර්ග ව්‍යාපෘති සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘති, පරිගණක තාක්ෂණික යටිතල පහසුකම් පුළුල් කිරීමේ ව්‍යාපෘති සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනයට ආධාර සැපයීමේ විශේෂ ව්‍යාපෘති ගණනාවක් වන බව වාර්තා වෙයි. ඊට ආයෝජනය කිරීමට යෝජිත මුදල ඩොලර් බිලියන 7 ඉක්මවන බව වැඩිදුරටත් දැනගන්නට තිබේ .පාකිස්ථානයෙන් ආරාධනයක් ලැබී ඇත්තේ ආරක්ෂක සහයෝගීතාවය පුළුල් කිරීමේ ව්‍යාපෘතියක් වෙනුවෙනි .

Leave a reply: