ජනපති ගෝඨාභය ගේ රාජාසන කතාවට ජ.වි.පෙන් දේශපාලන උගුලක් /එ.ජා .ප යේ පිරිසක් සහායට

ලබන ජනවාරි මස 3 වැනිදා පාර්ලිමේන්තුව විවෘත කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පවත්වනු ලබන රාජාසන කතාව සම්බන්ධව විවාදයක් පැවැත්විය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ .පවත්නා සම්ප්‍රදායට අනුව පසුගිය කාලයේ සිදු වූයේ රාජාසන කතාව ඉදිරිපත් කිරීමෙන් පසුව පක්ෂ විපක්ෂ කණ්ඩායම් වල ප්‍රධානින් ඒ සම්බන්ධව මත දැක්වීමක් පමණි .මෙවර ජනතා විමුක්ති පෙරමුණ විවාදයක් ඉල්ලා ඇත්තේ එ.ජා .ප යෙන් යැපෙන ජ.වි.පෙ නායකයාගේ පුද්ගලික වුවමනාවටයි.මෙසේ රාජාසන කතාව විවාදයකට ලක් කර අවසානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධව ජන්දයක් විමසීමට උත්සාහ දැරීමත් මෙම යෝජනාවේ සැගවුණු අරමුණ බව කියවේ .

විශිෂ්ට ජන වරමකින් ජනාධිපති ධූරයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙලෙස විවාදයට ලක් කිරීම මෑත ඉතිහාසයේ සිදු නොවූ සිදුවීමකි .තවමත් පාර්ලිමේන්තුවේ බහුතරය එ .ජා .ප ,ජ.වි.පෙ සහ දෙමළ සන්ධාන කණ්ඩායම් සතුව පවතින නිසා රාජාසන කතා විවාදය දේශපාලන උගුලක් ලෙස අටවා ඇත්තේ එ.ජා .ප ය සහ දෙමළ සන්ධානය විසිනි .එහෙත් ජන වරමට ගරු කරන බව කියන ඇතැම් එ.ජා .ප මන්ත්‍රීවරුන් රාජාසන කතා විවාදයේදී ජන්දයක් විමසුවහොත් ජනාධිපතිවරයා ට පක්ෂව ජන්දය දීමට දැනටමත් තීරණය කර තිබේ .

කොලඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස් .එම් .මරික්කාර් මේ සම්බන්ධව විවෘතවම සිය මතය මුලින්ම ප්‍රකාශ කර තිබේ .තවත් එ .ජා .ප මන්ත්‍රීන් 20කට ආසන්න සංඛ්‍යාවක්ද මෙම මතය දරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි .

Leave a reply: