ජන්දයට පෙරම සජිත් කැබිනෙට්ටුව නම් කරයි

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තමන් ජයග්‍රහණය කළහොත් පත්කරන රජයේ ආරක්ෂක ඇමතිවරයා ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පත්කරන බව ගාලු මුවදොර රැලියේදී ප්‍රකාශ කිරීමත් සමග එක්සත් ජාතික පෙරමුණ තුළ උග්‍ර අර්බුදයක් හටගෙන ඇත.

අප වෙත ලැබෙන නවතම වාර්තා අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අනාගත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක ආරක්ෂක අමාත්‍ය ධුරය ඔහු අතම තබා ගැනීමටද, පොලීසිය බාර අමාත්‍ය ධුරය සාගල රත්නායක මහතාට පැවරීමටද සැලසුම් කර ඇතැයි කියවේ. එම නිසා සජිත් ගේ ප්‍රකාශය රනිල්ට අභියෝගයකි.

එසේම එ.ජා.ප.ය බලයට පත් වුවහොත් අග්‍රාමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා නොදී මංගල සමරවීර, රංජිත් මද්දුම බණ්ඩාර හෝ ලක්ෂ්මන් කිරිඇල්ල මහත්වරුන්ගෙන් කෙනෙකු වෙත පැවරීමේ සැලසුමක් ඇතැයි කියවේ. ඒ අතර නවීන් දිසානායක අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය ධුරය කරු ජයසූරිය මහතාට ලබා ගැනීමට තිරය පිටුපස වැඩසටහනක් දියත් කර තිබේ.

මේ නිසා එ.ජා.ප ආණ්ඩුවක් බලයට පත් වීමටත් පෙර කැබිනෙට්ටුව පත් කිරීම සම්බන්ධව කුළල් කා ගන්නට පටන් ගැනීම හේතුවෙන්   මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ බරපතළ කඹ ඇදීම් හටගෙන ඇත. එහි මුල් ප්‍රතිඵලය වන්නේ පසුගියදා ඉතාමත් රහසිගතව කොලඹ ව්‍යාපාරික ප්‍රජාව ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය වෙනුවෙන් ලබා දෙන ආධාර සජිත් ප්‍රේමදාස මහතා ගේ ප්‍රචාරණ ව්‍යාපාරයට ලබා නොදෙන ලෙස කරන ලද ඉල්ලීමයි.

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page