ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

ජන්දයෙන් පසු පූර්ණ ව්‍යවස්ථා වෙනසක්

මහ මැතිවරණයෙන් පොහොට්ටුව ජයග්‍රහණය කිරීමෙන් පසු වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට තීරණය කර තිබේ .ඒ අනුව 19 වැනි සංශෝධනය පමණක් අහෝසි කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව පොහොට්ටු ජ්‍යෙෂ්ඨයෝ පවසති .පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදී පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මේ බවට ඉගියක් පල කර තිබුණි .

එම ව්‍යවස්ථාව මගින් රටට නව පාලන සම්ප්‍රදායක් හඳුන්වා දෙන අතර ස්වාධීන කොමිෂන් සභා සියල්ල අහෝසි කෙරේ .මැති සභය රැස්වී වසර තුනකට පසු එය විසුරුවා හැරීමට ද බලය ලැබෙනු ඇතැයි සඳහන්ය .අධිකරණ ක්‍රමයද පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කෙරේ .එසේම රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සම්බන්ධයෙන් දැඩි නීති රීති පනවනු ඇත .රට බෙදීමට අදාළ කටයුතු රාජ ද්‍රෝහි වරදක් බව ට පත් කෙරේ .

මේ සියල්ල ඉටු කිරීම සඳහා මන්ත්‍රී ධුර 150 කින් සමන්විත (2/3 බලය සහිත ) පාර්ලිමේන්තුවක් ලබා දෙන ලෙස පොහොට්ටුව ඉල්ලා සිටින අතර මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ සහය ලබා ගත හැකි මන්ත්‍රීන් කවුද යන්න මේ වන විටත් හඳුනාගෙන ඇතැයි වාර්තා වෙයි .දැනට සජිත් පිල නියෝජනය කරන කිහිප දෙනෙකුද නව ව්‍යවස්ථාව ට සහාය දෙනු ඇතැයි දැනගන්නට ඇත .

Leave a reply: