ජන්ද ප්‍රතිපලයටත් පෙර විපක්ෂය මරාගනී.පිරිසක් පක්ෂ මාරුවටත් සූදානම්

එ.ජා.ප යේ අනාගත නායකයා වීම සදහා නවින් දිසානායක හිටපු මන්ත්‍රීවරයා ද ඉදිරිපත් වීමත් සමඟ නායකත්ව සටන උග්‍ර තත්ත්වය ට පත්ව ඇත .නියත වශයෙන්ම පරදින එ.ජා.ප යේ නායකත්වය අල්ලා ගැනීමට සජිත් ප්‍රේමදාස ද බලා සිටී.ඒ අතර රවී කරුණානායක ,දයා ගමගේ ,නවීන් දිසානායක මෙන්ම රුවන් විජයවර්ධන ද නායකත්ව සටනට පිවිස ඇතැයි දැනගන්නට ඇත .

දැනට සජිත් ප්‍රේමදාස සමඟ සිටින සෑහෙන පිරිසක් සජිත් සමඟ රැඳී සිටින්නේ මහ මැතිවරණය හමාර වන තුරු පමණක් බව එම පක්ෂයේම ආරංචි මාර්ග කියයි .සජිත් ගේ නායකත්ව ලක්ෂණයක් නොමැති බවත් ඉටු කළ නොහැකි පොරොන්දු ලබා දී ඔහු තමනුත් පක්ෂයත් හාස්‍යයට ලක් කර ඇති බවත් සජිත් පිලේ විවේචකයෝ පවසති .

මෙම තත්ත්වය නිසා මෙරට විපක්ෂ දේශපාලනය දියාරුව ව්‍යාකූල වී ගොසිණි .එබැවින් සජිත් පිලෙන් ජන්දය දිනන්නට සුදුසුකම් ඇති පිරිසක් මේ වන විට පොහොට්ටුවේ නායකයන් සමඟද සබඳතා ගොඩනගා ගෙන ඇත .

ලබන අගෝස්තු මස 10 වැනි දින පත්වන පොහොට්ටු ආණ්ඩුවේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේදී අමාත්‍ය පදවි තුනක් හිස්ව තැබෙන අතර ඒවා පොහොට්ටුව ට සහාය දීමට විපක්ෂයෙන් පැමිණෙන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් කිහිප දෙනෙක් වෙනුවෙන් වෙන්කර ඇතැයි වාර්තා වෙයි .එහෙත් දූෂණ චෝදනා ලත් නඩු පැවරී ඇති කිසිවෙකු පොහොට්ටු රජයට බඳවා නොගැනීමට ජනාධිපතිවරයා තීන්දු කර තිබේ .

Leave a reply: