ජන්ද වේදිකාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ට බැණ වැදීම ගැන ජනපති හා අගමැතිගෙන් අවවාද

මහ මැතිවරණ වේදිකාවේ තමන් හා සන්ධානගතව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයන් ට බැණ වැදීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා පක්ෂ ජ්‍යෙෂ්ඨයන් ට තරයේ අවවාද කර ඇත .

පසුගිය දා හිටපු ජනාධිපතිවරයා ට වේදිකාවේ බැණ වැදුණු ඌව පළාත් හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට වහාම එම ප්‍රකාශ නවතා සමාව අයදින ලෙස ජනාධිපතිවරයා හා අගමැතිවරයා නියම කළෝය .ඒ අනුව ඊට පසුදාම ශෂීන්ද්‍ර රාජපක්ෂ තමන් කරන ලද කතාව ගැන සමාව අයැද සිටියේය .ඒ අතර ප්‍රසන්න රණතුංග හා රොෂාන් රණසිංහ හිටපු ඇමැතිවරුන්ට ද මෙම අවවාදය ලබා දී තිබේ .

විශේෂයෙන් ම මේ දෙදෙනාගෙන් එක් අයෙකු අසීමිත ලෙස හිටපු ජනාධිපතිවරයා ට වේදිකාවේ දොස් කීම නිසා ඔහුගේ මනාප ජන්ද සංඛ්‍යාවේ යම් අඩුවක් සිදුව තිබෙන බවද අනාවරණය වී ඇත .කෙසේ වෙතත් ඉදිරි ආණ්ඩුව පිහිටු වීමේදී ගැටලු ඇති නොවන ලෙස ක්‍රියා කිරීමට පක්ෂ නායකයන් තීන්දු කර ඇති බැවින් දෙපක්ෂය නිතර මතභේද වලින් තොරව ක්‍රියා කළ යුතු යැයි ජනාධිපතිවරයා හා අගමැතිවරයා අවධාරණය කර ඇත .

Leave a reply: