ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂික වූ හිටපු ජනපතිවරයා ගෝඨාභයට 2/3 බලයක් ලබා දෙන බව ශ්‍රී .ල.නි.ප යට කියයි

පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස ජයගනු ඇතැයි යන අපේක්ෂාවෙන් නිර්පාක්ෂික වී තිරය පිටුපස සිට සජිත් ට උදව් පදව් කළ හිටපු ජනාධිපති සිරිසේන මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ජයග්‍රහණයෙන් මසකට පසු ඔහුට පාර්ලිමේන්තුවේ 2/3 ලබා දෙන බව හදිසියේම ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ පවත්නා අර්බුදකාරී තත්ත්වයත්, සජිත් ප්‍රේමදාස ට ඉදිරි මහ මැතිවරණය ජය ගැනීම සිහිනයක් බවට පත් වීමත් නිසා හිටපු ජනාධිපතිවරයාගේ මෙම පෙරළිකාර තීන්දුව ප්‍රකාශයට පත් වූ බව ඔහුට සමීප ආරංචි මාර්ග කියයි.

ජනාධිපතිවරණ සමයේ පොළොන්නරුවේ ජන්ද දායකයන් විශාල ප්‍රමාණයකගේ ජන්ද සජිත් පිලට ලබා දීමට ක්‍රියා කළ සිරිසේන මහතා ගේ දියණියගේ, පුත්‍රයා සහ බෑණා සජිත් ට එලිපිටම උදව් කළේය. මැතිවරණ පරාජයෙන් දෙසතියකට පසු දහම් සිරිසේන කිසිවෙකුටත් නොකියා හදිසියේම විදේශ ගත වූයේ තමන්ගේ දේශපාලන ඉලක්කය හා ක්‍රියාදාමය වැරදීම ගැන ඇති වූ බලවත් සිත් තැවුලෙන් බව පොළොන්නරුවෙන් ලැබෙන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

Leave a reply: