ජනාධිපතිවරණ පරාජයෙන් අනාථ වී සිටින හකීම් සහ සුමන්තිරන්ලා පොහොට්ටුවට අතවනති

ජනාධිපතිවරණයේදී  සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී වැඩ කළ මුස්ලිම් කොංග්‍රසයේ   නායක රවුෆ් හකීම් සහ දෙමළ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වන සුමන්තිරන් යන අය  ඉදිරි මහ මැතිවරණයේදී පොහොට්ටුව සමග සන්ධානගත වීමට උත්සාහ දරමින් සිටින බව වාර්තා වෙයි. නමුත්  මේ සඳහා පොහොට්ටුව සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් දෙකම දැනටමත් දැඩි ලෙස විරෝධය පළ කර තිබේ.

සහරාන් වැනි ත්‍රස්තවාදීන් සමග සබඳතා පැවැත් වූ රවුෆ් හකීම් සහ මෙරට බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින සුමන්තිරන්ලා  සමග සන්ධානගත වුවහොත් එය සියදිවි නසා ගැනීමක් වනු ඇතැ යි  පොහොට්ටුවේ ජේෂ්ඨයො පවසති. එබැවින් රවුෆ්හකීම්  රිෂාඩ් බදුර්ඩීන් වැනි පිරිස් සමග සන්ධාන ගත නොවන ලෙස ඉල්ලා සිටීමට පොහොට්ටුව ජේෂ්ඨයන් සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් අතර විශේෂ හමුවක් අද හෙටම පැවැත්වීමට නියමිත ය.

Leave a reply: