ජනාධිපති ගෝඨාභයට ඉන්දියාවේ දී ඉහළ පිළිගැනීමක්

දෙදින නිල සංචාරයක් සඳහා දැනට නව දිල්ලියට ගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නරේන්ද්‍ර මෝදී රජය ඉහළම ගරු සැලකිලි කරමින් පිළිගෙන ඇත.

ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද සහ අගමැති නරේන්ද්‍ර මෝදි මෙන්ම විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතාද ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ විශේෂ සාකච්ඡා වට තුනක් පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාවල දී ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව නැගෙන චෝදනා වලටපිළිතුරු දීමේ දී ඉන්දියාවේ සහය ලබා ගැනීම ගැන දැඩි අවධානයක් දැක්වීමට අපේක්ෂිතය. එසේම ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක වන වෙළෙඳ ගිවිසුම් ගණනාවකට අත්සන් තැබීමට මූලික පියවර සැකසෙනු ඇතැයි වාර්තා වේ. උතුරේ ධීවර ජනතාවට බලපාන ප්‍රශ්න මෙන්ම වතුකර ජනතාවගේ ප්‍රශ්න වලට ඉන්දියාවේ ආධාර උපකාර ලබා ගැනීම ගැනද විශේෂ සාකච්ඡාවක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වීමට නියමිත වේ. මෙම භාරදූර සාකච්ඡා සඳහා ඉන්දියාවට ගිය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල දූත පිරිස පස් දෙනකුට පමණක් සීමා වන අතර සෙසු අය ආරක්ෂක නිලධාරීන් සහ පෞද්ගලික ලේකම්වරයා වෙයි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ මහත්මියට ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ චාරිකාවට එක් වන ලෙස ආරාධනා කර තිබුණද ගෝඨාභය රාජපක්ෂ මහතා සිය බිරිඳ මෙම චාරිකාවට එක් කර ගත්තේ නැත.

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page