ජලනි ප්‍රේමදාස තිස්ස පන්නයි. ජන්ද සටන අතට ගනී

සජිත් ප්‍රේමදාස මහතා ගේ මැතිවරණ ව්‍යාපාරය තමන් විසින් මෙහෙයවනවායැයි ප්‍රකාශ කළ එ.ජා.ප හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට සජිත් ගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස දැඩි ලෙස විරෝධය දක්වා ඇත. ඔහු වත්මන් පක්ෂ සංවිධානය ගැන කිසිදු අවබෝධයක් නැති අකාර්යක්ෂම පුද්ගලයකු  බැවින් තිස්ස එම වගකීමෙන් වහා ඉවත් කරන ලෙස ජලනි සජිත්ට කියා ඇත.

වොක්ෂෝල් වීදියේ සජිත් ගේ කාර්‍යාලයේ තිස්සට වෙනම කාමරයක් හෝ ඉදගන්නට පුටුවක් හෝ ලබා දී නැති ඇය සජිත් ගේ ජන්ද ව්‍යාපාරය තමන්ට මෙහෙයවිය හැකි යැයිද කියා තිබේ. මේ ගැන සජිත් හිතවාදී එ.ජා .ප ප්‍රබලයන් සජිත් ප්‍රේමදාසට බලවත් අප්‍රසාදය පල කර තිබේ.

සජිත්ට බලය ලැබීමටත් පෙර ජලනි ක්‍රියා කරන්නේ මෙසේ නම් අනාගතය කෙතරම් භයානක විය හැකිදැයි ඔවුහු ප්‍රශ්න කර තිබේ. ජලනි ගේ වත්මන් ක්‍රියා කලාපය තුළින් පිලිබිඹු වන්නේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේ හේමා ප්‍රේමදාස මහත්මිය ක්‍රියා කර තිබූ ආකාරය බවද එ.ජා.ප ප්‍රබලයන් සජිත් ට කියා ඇත. ඒ අතරතුර ජලනි ප්‍රේමදාස කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන ව්‍යාපාරිකයන් අමතා සජිත් ගේ ජන්ද සටනට මුදල් ලබා දෙන ලෙස බලපෑම් කරන්නට පටන් ගෙන ඇතැයිද වාර්තා වේ. එහෙත් ඇල්පිටියේ ජන්ද පරාජයෙන් පසු සජිත් ගේ ජන්ද ව්‍යාපාරයට මුදල් ලබා දීම ව්‍යාපාරිකයන් ගණනාවක් විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි දැනගන්නට ඇත.

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page