ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

ජලනි ප්‍රේමදාස හේමා ප්‍රේමදාස වෙයි

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ගේ ආර්‍යාව ලෙස තමන් හදුන්වා ගන්නා ජලනි ප්‍රේමදාස සමගි ජනබලවේගයේ අභ්‍යන්තර මෙහෙයුම් කටයුතු වලට ඇගිලි ගසන්නට ගොස් පක්ෂය තුළ විශාල අර්බුදයක් හටගෙන ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි .

පසුගිය දා මෙම අර්බුදය සජිත් ඉදිරිපිටම පුපුරා ගියේය .එයට හේතු වූයේ සමගි ජන බලවේගයේ පක්ෂ නායක හමුවක් පැවැත්වෙද්දී එහි මුලසුනේ සිටි සජිත් ප්‍රේමදාස අසලින් පුටුවක් තබා ගත් ජලනි ප්‍රේමදාස රැස්වීමේ අසුන් ගැනීමයි.

මෙය දුටු පක්ෂයේ ප්‍රබලයෙකු වන කබීර් හෂිම් ඒ ගැන ප්‍රසිද්ධියේ ම සජිත්ට විරෝධය පල කළේ මෙම තත්ත්වය අශෝභන බවත් ,සම්ප්‍රදාය විරෝධි බවත් කියමිනි .මේ නිසා තමන් පක්ෂය ගැන බෙහෙවින් කලකිරුන බවද කබීර් කියා තිබුණි .
රාජපක්ෂලාගේ පවුල් වාදයට විකල්පයක් ලෙස ක්‍රියා කරන්නට නම් මෙයට වඩා විනය ගරුකව හා ප්‍රතිපත්ති ගරුකව ක්‍රියා කළ යුතු බව කබීර් කියද්දී තවත් පක්ෂ ප්‍රබලයන් ගණනාවක් එම අදහස අනුමත කර ඇත .

සජිත් ප්‍රේමදාස ගේ පියා වන රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ධුරය දැරූ සමයේ ඔහුගේ මව වන හේමා ප්‍රේමදාස මෙලෙස කැබිනට් රැස්වීම්වල අසුන් ගන්නට ගියාය.එය නතර කර ගන්නට බැරි තැන රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇයට බැණ වැදී පන්නා දැමීය .එම චරිතයම රගපාන සජිත් ගේ ආර්‍යාව පක්ෂයේ පාලනය අතට ගැනීම ගැන එම පක්ෂයේ නායකයන් දැඩි කලකිරීමට පත්ව සිටිති .

Leave a reply: