ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

ජලනි සජිත් වෙනුවෙන් වැඩට බසී.

ඉදිරි ජනාධිපතිවරණය නියතවශයෙන් පරාජය වන බව දැනගත් සජිත් ප්‍රේමදාස කණ්ඩායම සිය ප්‍රචාරක කටයුතු වලට නව මුහුණුවරක් දීමට තීන්දු කර තිබේ .

ඒ අනුව මෙතෙක් ඡන්ද වේදිකාවට පිවිසීමට තහනම් කර තිබූ සජිත් ප්‍රේමදාස භාර්යාව වන ජලනි ප්‍රේමදාස මහත්මිය ඡන්ද රැස්වීම්වල දී ජනතාව ඇමතීමට පටන් ගෙන ඇත .

පසුගිය සතියේ ගාල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්කය අම්බලන්ගොඩ බලපිටිය ප්‍රදේශ වල ඡන්ද රැස්වීම් ගණනාවක් ඇමතීමට ජලනි ප්‍රේමදාස කොළඹ සිට විශේෂ ගුවන් යානයකින් ගාල්ලට ගොස් තිබිණි .ඒත් දේශපාලනය ගැන මෙලෝ හසරක් නොදන්නා ජලනි ප්‍රේමදාස මැතිවරණ වේදිකාවේ දී කරනු ලබන මෝඩ ප්‍රකාශ නිසා සජිත් ප්‍රේමදාස මහතාට හිමිවීමට නියමිත චන්ද පවා අහිමි වන බවපාක්ෂිකයෝ පෙන්වා දෙති .මෙම රැස්වීම් වලදී ජලනි ප්‍රේමදාස හඳුන්වාදෙන නිවේදකයා අනාගත ජනාධිපති ආර්යාව ලෙස ජලනි ප්‍රේමදාස හඳුන්වාදීම ද විශේෂයකි .

මෙලෙස ජලනි ප්‍රේමදාස ඇතුළු සිල්ලර කථිකයන් වේදිකාවට ගෙන ඒමට සිදුව ඇත්තේ කතා කිරීමට නියමිතව සිටි එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ට මැති ඇමැතිවරුන් රැසක් ඡන්ද වේදිකාව මගහැර ගොස් ඇති බැවිනි .එයට හේතුව සජිත් ප්‍රේමදාසගේ හිතුවක්කාර ක්‍රියා කලාපය බව එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ නායකයෙක් පැවසීය

Leave a reply: