ජලනි හැදූ ඒකාධිපති ව්‍යවස්ථාව ට චම්පික වැඩක් දෙයි.සජිත් පිල හාන්සියි.

සජිත් ප්‍රේමදාස නායකත්වය දෙන සමගි ජනබලවේගය පක්ෂය ට නව ව්‍යවස්ථාව සදා ඇත්තේ නීතිඥ රවී ජයවර්ධන ,ජලනි ප්‍රේමදාස ,ලක්ෂ්මන් ෆොන්සේකා යන තිදෙනා විසින් බව අනාවරණය වෙයි .

පසුගිය සඳුදා එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට මෙම ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කළ විට ඊට මන්ත්‍රීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූහ .හරීන් ප්‍රනාන්දු ,හර්ෂ ද සිල්වා ඇතුළු මන්ත්‍රීන් පිරිසක් සජිත් ගේ ව්‍යවස්ථාව ට තරයේ විරෝධය දැක්වූ අතර සජිත් ට වඩා රනිල් හොඳයැයි කියමින් හරීන් ප්‍රනාන්දු රැස්වීමෙන් පිටව ගොස් තිබුණි .

සජිත් ප්‍රේමදාස ට ඒකාධිපති බලතල පැවරෙන ව්‍යවස්ථාව අනුව කිසිම කරුණක් නිසා නායකයා අස් කළ නොහැක.පක්ෂ නායකයා පත් කරන්නේ විශේෂ විධායක සභාවකිනි.එම සභාව පත් කරන්නේ පක්ෂ නායකයා විසිනි.එම නිසා සජිත් ම සජිත් ගේ නායකත්වය රැකගන්න ට විධි විධාන පනවාගෙන ඇත .මේ යෝජනා සියල්ල ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස ගේ බව වාර්තා වෙයි .

පක්ෂ මන්ත්‍රීන් ඕනෑම මොහොතක අස්කර දැමිය හැකි පක්ෂ නායකයා පමණක් රැකෙන ව්‍යවස්ථාව ගැන කිසිවක් නොකියා පක්ෂ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා ද මෙහිදී නිහඬව සිට තිබේ .පක්ෂ පාලනය ,අරමුදල් පාලනය සියල්ලම සජිත් ව්‍යවස්ථාව මඟින් තමන්ටම පවරා ගෙන ඇත .

රාජපක්ෂවරුන් ට ඒකාධිපතියැයි චෝදනා කරන විපක්ෂය මෙවැනි නිර්ලජ්ජිත වැඩ කරන්නේනම් ගෝඨාභය රජයට සහාය දීම වඩාත් හොඳ බව චමින්ද විජේසිරි ,හේෂාන් විතානගේ ඇතුළු මන්ත්‍රීන් පිරිසක් ප්‍රකාශ කර තිබුණි .මේ ව්‍යවස්ථා ගෝරිය නිසා එය සම්මත කර ගත නොහැකිව කල් දමා ඇතැයි වාර්තා විය.මෙම විරෝධය චම්පික රණවක විසින් රහසේ සංවිධානය කළ බව වැඩි දුරටත් වාර්තා වෙයි .ඔහු සජිත් පන්නා දමා සජිත් පිලේ නායකයා වීමට සිහින මවන්නෙකි.

Leave a reply: