ජවිපෙ නායකයාගෙන් මුස්ලිම් කොංග්‍රස නායකයාට දැඩි පිළිතුරක් .

ඉදිරි මහ මහ මැතිවරණය ඉලක්ක කර ගෙන මුස්ලිම් කොංග්‍රසය දෙමළ ජාතික සන්ධානය සමඟ නිර්මාණය කරනවා යැයි කියන නව දේශපාලන සන්ධානයකට ජනතා විමුක්ති පෙරමුණද සම්බන්ධ වන බව ප්‍රකාශකලේ කුමන පදනමින්ද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මුස්ලිම් කොංග්‍රස කොංග්‍රස් නායක රවුෆ් හකීම් ගෙන් ප්‍රශ්න කර ඇත .

රවුෆ් හකීම් මෙම නව සන්ධානය සම්බන්ධව මාධ්‍ය ඔස්සේ තොරතුරු හෙළිදරව් කිරීමෙන් පසුව ඊයේ දිනයේ ඔහු දුරකථනයෙන් ඇමතූ ජවිපෙ නායකයා මෙම ප්‍රකාශනයේ තේරුම විමසා තිබිණි .

ජනතා විමුක්ති පෙරමුණ කිසිම දිනක දෙමළ සන්ධානය හෝ මුස්ලිම් කොංග්‍රසය සමග ජාතිවාදී සන්ධානයකට ඇතුළත් වීමට අදහස් නොකරන බවත් එම නිසා මෙම ප්‍රකාශය වහා නිවැරදි කරන ලෙසත් ඔහු රවුෆ් හකීම් වෙත දැනුම් දී තිබේ .ඒ අනුව ඊයේ දිනයේම මහනුවරදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු ප්‍රකාශ කළේ දෙමළ ජාතික සන්ධානය මුස්ලිම් කොංග්‍රසය සහ ජවිපෙ එක්ව නව සන්ධානයක් නිර්මාණය කිරීම සම්බන්ධකතාව තමා ගේ යෝජනාවක් මිස ජවිපෙ සමඟ කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් නොවන බවයි.

Leave a reply: