ජාතිවාදය ඇවිලවීමේ උත්සාහයක්.

මාවනැල්ලේදී නැවතත් බුද්ධ ප්‍රතිමාවකට අලාභ හානි සිදු කිරීමට යම් පිරිසක් ක්‍රියා කළේ ජාතිවාදය නැවත රට තුළ ඇති කිරීම සඳහාදැයි රජය විමර්ශනයක් ආරම්භ කර ඇත .මෙය සිදු කළ පුද්ගලයන් හඳුනා ගැනීමට පොලීසිය අංශ ගණනාවකින් පරීක්ෂණ ඇරඹීය.

මේ දිනවල මුස්ලිම් මෘත දේහවල අවසන් කටයුතු කිරීම සම්බන්ධයෙන් හටගෙන තිබෙන මත ගැටුම දඩමීමා කරගෙන රට තුළ අත්‍යවශ්‍ය ආරවුලකට මඟ පාදන අන්තවාදී පිරිසක් සිටීද යන්න පොලිස් විමර්ශනවලදී විශේෂයෙන් සොයා බැලේ.

නැගෙනහිර පළාතේද ඇතැම් පිරිස් ආවේගශීලී ලෙස හැසිරෙමින් ක්‍රියා කරන බව ආරක්ෂක අංශ වලට වාර්තා වී තිබේ .මේ සම්බන්ධයෙන් බෞද්ධ හා මුස්ලිම් නායකයන් සමඟ ද රජය අදහස් හුවමාරු කරගෙන ඇත .කොරෝනා වලින් මිය යන මුස්ලිම්වරුන් ගේ මෘත දේහ සම්බන්ධව අවසන් තීරණය දැනට රජය විසින් පත් කර තිබෙන විශේෂඥ වෛද්‍ය කමිටුව ඉදිරි සතිය වන විට රජයට බාරදෙනු ඇතැයි වාර්තා වෙයි .එහි තීරණය අවසන් තීරණය ලෙස සැලකීමට ද රජය තීන්දු කර තිබේ .

Leave a reply: