ජිනීවා යෝජනා දෙකකට ශ්‍රී ලංකාවේ විරෝධය

ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත බටහිර රටවල් හතක් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර තිබෙන යෝජනාවේ කරුණු දෙකට ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කර තිබේ .

ඉන් පළමුවැන්න ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදුවන නිසා ඒ ගැන විමර්ශනයට ජාත්‍යන්තර මානව හිමිකම් අධිකරණයක් පිහිටුවීමට කර තිබෙන යෝජනාවය. මෙය අසත්‍ය පදනම් විරහිත හා දෙමළ ඩයස්පෝරාවේ උවමනාවට ඉදිරිපත් කළ යෝජනාවක් බව රජයේ මතයයි.

දෙවැනි යෝජනාව වන්නේ මෙම රජය බලයට පත්වූ වසරක කාලය තුළ මෙරට මානව හිමිකම් පිරිහී ඇති බවටත් අධිකරණයේ ස්වාධීනත්වය අඩාල වී ඇති බවටත් අපරාධ වධබන්ධන හා රඳවා තබා ගැනීම් ඉහල ගොස් ඇති බවටත් රටේ ලිංගික අපරාධ සිදුවන බවටත් කරන චෝදනාවයි .මේ කිසිවකට රජය සම්බන්ධ බවට තහවුරුව නැත ලොව ඕනෑම රටක මෙන් සමාජයේ යම් යම් අපරාධ සිදු වෙයි. ඒවා උපරිම ලෙස රජය විසින් පාලනය කර තිබේ. එහෙත් එය රජයේ ‘වරදක් ‘ලෙස හුවා දැක්වීම ආණ්ඩුව තරයේම ප්‍රතික්ෂේප කර තිබේ. නීතිය හා අධිකරණය නිසිලෙස ක්‍රියාත්මක වන රටකට මෙලෙස අභූත චෝදනා නගමින් මැදපෙරදිග ආදී රටවල බටහිර ජාතීන් විසින් කරන මානව හිමිකම් කඩ කිරීම් ගැන මෙම කොමිසම නිහඬව සිටීම ගැන ශ්‍රී ලංකාව ඇතුළු අපට හිතවත් රටවල් 21 විමතිය පළ කර ඇත .

Leave a reply: