ජිනීවා සමුළුවට ආණ්ඩුවෙන් යෝජනාවක්

මාර්තු මස ඇරඹෙන ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසි වාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධව යෝජනා සාකච්ඡා කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටීමට රජය තීන්දු කර ඇත .ඊට හේතුව නව ආණ්ඩුවක් පත්කර ගැනීම සදහා මහ මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවේ ජිනීවා සමුළුවේ යෝජනාවලට ප්‍රතිචාර දැක්විය නොහැකි බැවිනි .

එම නිසා ශ්‍රී ලංකාව සම්බන්ධව ජිනීවා සමුළුවේ යෝජනා මීළඟ වසර තෙක් කල් දමන ලෙසත් ඒ සම්බන්ධව රජය මෙතෙක් ගෙන ආ ක්‍රියාදාමයන් එලෙසම පවත්වා ගෙන යාමටත් හැකියාව ඇතැයි ද දැනුම් දීමට නියමිත බව නිල නොවන ආරංචි මාර්ග සදහන් කරයි .කෙසේ හෝ නව ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු ජිනීවා සමුළුවේ යෝජනා නැවත සමාලෝචනය කොට තීන්දුවක් ගැනීමට වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ .

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page