ජිනීවා සෙල්ලම නැවත ඇරඹෙයි.

වාර්ෂිකව රැස්වෙන ජිනීවා මානව හිමිකම් කොමිසමේ 2021 මාර්තු සැසිවාරයේ දී වත්මන් රජයට එරෙහිව නැවතත් පැරැණි යුද අපරාධ චෝදනාව ගෙන ඒමට බ්‍රිතාන්‍ය හා යුරෝපා රටවල රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක් ක්‍රියා කරමින් සිටී.

එහි මුල් පියවර ලෙස මේ සතියේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු සදහන් කර තිබුණේ මෙරට සිවිල් යුද්ධය ට වගකිවයුත්තන් ට එරෙහිව ශ්‍රී ලංකාව අභ්‍යන්තර නඩු විභාග නොපැවැත්වූ නිසා නැවතත් ශ්‍රී ලංකාව ට එරෙහිව යෝජනාවක් ගෙන ආ යුතු බවය .

මෙම කටයුත්ත පිටුපස නීතිඥ යස්මින් සූකා ඇතුළු කොටි ඩයස්පෝරාවෙන් වැටුප් ලබන අයත් හිටපු මානව හිමිකම් කොමසාරිස්වරියක වන නවනීදන් පිල්ලේ මහත්මියත් බ්‍රිතාන්‍ය මන්ත්‍රීන් පිරිසකුත් සිටින බව වාර්තා වෙයි .

පසුගිය යහපාලන රජය අනුගමනය කළ විදේශ ගැති පිළිවෙත නිසා එම රජය කාලයේ මෙම චෝදනා කිරීම ටික කලකට කල් දැමීය .එහෙත් රට ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගත් වත්මන් රජය පාලනය බාර ගත් පසු ඊට බාධා කිරීමට මෙරට විපක්ෂය ද සමඟ ශ්‍රී ලංකාව ට එරෙහිව චෝදනා නැගීම ට බටහිර බලවත්තු කැස කවමින් සිටිති .ඒ අතර අපේ සහාය ට ඉන්දියාව ඇතුළු කලාපයේ බලවත් රටවල් ගණනාවක් ඉදිරිපත් ව සිටී.

Leave a reply: