ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

ජූනි මාසයේත් රුපියල් 5000 ගෙවන්නයැයි ඇමැතිවරු ඉල්ලති

කොරෝනා වසංගතයෙන් විපතට පත් ජනතාව ට ගෙවන ලද රුපියල් 5000 මාසික සහනාධාර මුදල කලින් සැලසුම් කළ පරිදි ලබන ජූනි මාසයටත් ගෙවන ලෙස රජයේ අමාත්‍යවරුන් ගණනාවක් ඉල්ලා තිබේ .

මැතිවරණ කොමිසම මේ ගැන රජය ට විශේෂ ලිපියක් එවමින් ජූනි මාසයටත් එම සහනාධාරය ගෙවිය යුතු දැයි ප්‍රශ්න කර තිබුණි.එය දේශපාලනීකරණය නොකළ යුතු බවද කියා ඇත .එහෙත් මෙම සහන මුදල ගෙවීම නතර කරන්නයැයි නියම කර නැති නිසා පීඩාවට පත් ජනතාව ට දෙන අවසන් සහන වාරිකය වන ජූනි මස වාරිකය ගෙවා දමන ලෙස රජයේ ප්‍රබල ඇමැතිවරුන් ඉල්ලා සිටියහ .ඒ අතර විපක්ෂය මෙම සහන වැඩපිළිවෙළ දැඩි ලෙස විවේචනය කර තිබේ .රජය සහන වැඩපිළිවෙළ නතර කරන බව පැවසූ විට ඒ ගැනද විවේචන එල්ල කර ඇත .

සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර තිබුණේ තමන් බලයේ සිටියේනම් රුපියල් 5000 වෙනුවට රුපියල් 20000 ක් ගෙවන බවය.එසේ කියන අතර ඔවුන් රජය ගෙන යන සහන වැඩපිළිවෙළ ට අකුල් හෙලමින් සිටිති.කෙසේ වෙතත් ඉදිරි අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ ගැන තීන්දුවක් ගනු ඇතැයි අපේක්ෂිත ය.රජය මෙම සහනාධාර ය සදහා මසකට රුපියල් කෝටි 3000 ක් වැය කරයි.

Leave a reply: