ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

ජ.වි.පෙ ආසන 4 බසී

මහ මැතිවරණය සම්බන්ධයෙන් නිකුත් වී ඇති නවතම සමීක්ෂණ වාර්තා අනුව ජනතා විමුක්ති පෙරමුණ මෙවර ලබා ගනු ඇත්තේ මන්ත්‍රී ආසන 4කි.ඒ දිස්ත්‍රික් මට්ටමින් ආසන තුනකුත් ජාතික ලැයිස්තුවෙන් එකකුත් වශයෙනි .පසුගිය ජනාධිපතිවරණයේ දී ඔවුන් ලබා ගත් ජන්ද පදනමවත් මෙවර ආරක්ෂා නොවනු ඇති බව මෙම වාර්තාව කියයි.ගිය බ්‍රහස්පතින්දා නිකුත් වූ මෙකී සමීක්ෂණ වාර්තාව සමගි ජනබලවේගය (සජිත් පිල )උදෙසා කළ සමීක්ෂණයකි.

එහි සඳහන් වන ආකාරයට පොහොට්ටුව ආසන 126ත් 130 ත් අතර මන්ත්‍රී ධුර ගණනක් ලබා ගනු ඇත .රනිල් පිල ට ලැබෙන්නේ මන්ත්‍රී ආසන 8කි .රනිල් ,රවී,පාලිත තෙවරප්පෙරුම ,රංගේ බණ්ඩාර ,අකිල විරාජ් ,අර්ජුන රණතුංග යන අපේක්ෂකයන් හා වන්නි දිස්ත්‍රික්කයේ එක් අයෙකුද මධ්‍යම පළාතෙන් තවත් අපේක්ෂකයෙකු ද ජයගනු ඇතැයි එහි සඳහන් ය.ඒ අතර සමගි ජනබලවේගය මන්ත්‍රී ආසන 48-50 ත් අතර ප්‍රමාණයක් ලබා ගන්නා බව සමගි ජනබලවේගය කියයි.

එහෙත් පොහොට්ටුව මෙම සමීක්ෂණ වාර්තා ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් මන්ත්‍රී ආසන 140ත් 150 ත් අතර ප්‍රමාණයක් නිත්‍ය වශයෙන්ම ජය ගන්නා බවත් ඊට බාධාකාරී වී ඇත්තේ දිස්ත්‍රික්ක 4 ක පවත්නා උග්‍ර මනාප සටන් බවත් සඳහන් වේ.

Leave a reply: