ජ.වි.පෙ -එ.ජා .ප ය ට මුක්කු ගැසූ හැටි ආශු මාරසිංහ හෙළි කරයි

ජනතා විමුක්ති පෙරමුණ පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගතවීමට සූදානමින් සිටි බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ ජනමාධ්‍යට ප්‍රකාශ කළේය .සජිත් ප්‍රේමදාසටත් වඩා එ.ජා .ප යේ අපේක්ෂකයා කරු ජයසූරිය වන්නේනම් වඩාත් කැමැත්තෙන් සහාය දෙන බව ජ.වි.පෙ නායක අනුර දිසානායක සිය පක්ෂයට පොරොන්දු වී සිටි බව මන්ත්‍රීවරයා සදහන් කළේය .

එක්සත් ජාතික පක්ෂය හා ජ.වි.පෙ කාලයක් තිස්සේ තිරය පිටුපස සන්ධානගතවී සිටියේය .අනුර දිසානායක රෝහණ විජේවීර ගේ ප්‍රතිපත්ති සහමුලින් පාවා දෙමින් එ.ජා .ප යේ මුදලින් යැපෙන තත්ත්වයට පත්විය .එය හෙළිදරව් වීම නිසා මෙවර ඔහුට ඇපයද අහිමි වී අන්ත පරාජයකට පත් වුණි.අනුන් විවේචනය කරන ජ.වි.පෙ නායකයා ගේ සැබෑ නිරුවත හෙළිදරව් කිරීම ගැන පොහොට්ටුවේ මන්ත්‍රීවරු ආශු මාරසිංහට ස්තූතිය පල කරති .

Leave a reply: