ජ.වි.පෙ නායක අනුර දිසානායක රාජිත හැංගුණු තැන සොයා ගනී

එ.ජා .ප යට කොන්දේසි විරහිතව කඩේ යාම නිසා ජනාධිපතිවරණයේදී ඇපත් නැති කර ගත් අනුර දිසානායක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවේ නිර්මාතෘ රාජිත සේනාරත්න මහතා පසුගිය දිනවල සැගවී සිටි ස්ථානය සොයා ගෙන තිබේ .ඔහු මාධ්‍යයට ප්‍රකාශ කළ පරිදි අධිකරණ වරෙන්තු ලැබීමෙන් පසු රාජිත සැගව සිට ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ගේ නිවසේය.

ජනාධිපතිවරණයේදී අන්ත පරාජය ලැබීමෙන් පසුව හෝ අනුර දිසානායක තමන් ගේ දේශපාලන කොන්ත්‍රාත් ඉටු කිරීම තවමත් නතර කර නැත.ඒ අනුව නැවත වරක් එ.ජා .ප යට කඩේ යමින් බොරු සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවේ නිර්මාතෘවරයාට නීතිය ක්‍රියාත්මක කිරීම ගැන බෙහෙවින් කිපී සිටි අනුර දිසානායක ප්‍රකාශ කළ පරිදි එ .ජා .ප යේ ප්‍රධානින් වැරදි කළ විට එය ප්‍රජාතන්ත්‍රවාදයයි.ඔවුන් නීතියට යටත් විය යුතු ද නැත.එහෙත් පොහොට්ටුවේ නායකයන් වරදක් කළොත් එය අහස පොළොව නුහුලන අපරාධයකි.ඔවුන් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් විදිය යුතුය .එය නීතිය සහ යුක්තිය ඉටු වීමක් ලෙස අර්ථ ගන්වයි.මෙවැනි ලද බොළඳ විග්‍රහ ඉදිරිපත් කරමින් යූ.එන්.පි යෙන් මාසිකව ලැබෙන මුදලින් ජීවත්වන ජ.වි.පෙ නායකයාගේ දේශපාලන නිරුවත ඉදිරි මහ මැතිවරණයේදී හෙළිදරව් කිරීමට පොහොට්ටුවේ ප්‍රබලයෝ සැරසෙති .

Leave a reply: