ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

ජ.වි.පෙ සජිත් පිල සමග රහසිගත එකගතාවක

සෝමවංශ අමරසිංහ මහතාගේ අභාවයෙන් පසු එ.ජා .ප යේ ශාඛාවක් බවට පත්ව තිබෙන ජනතා විමුක්ති පෙරමුණ ඉදිරි මහ මැතිවරණයේදී සජිත් පිල සමග රහසිගත එකගතාවක ට පත්ව තිබේ .ජ.වි.පෙ නායකයා සජිත් ප්‍රේමදාස ,චම්පික රණවක ඇතුළු පිරිසක් සමග පසුගිය දා කොළඹ 7 ව්‍යාපාරිකයෙකුගේ නිවසේදී කරන ලද සාකච්ඡාවකදී මෙම එකගතාව ඇතිකර ගෙන ඇත .

පසුගිය කාලයේ යූ.එන්.පියට උදව් කරන්නට ගොස් ජනාධිපතිවරණයේ දී ඇපත් නැති කර ගත් ජ.වි.පෙ නායකයා සහ සජිත් පිල මෙවර තීන්දු කර ඇත්තේ ආණ්ඩුවේ ජනප්‍රියම චරිතය ලෙස සැලකෙන ගෝඨාභය රාජපක්ෂ මහතාට පහර දීමටයි .සත්‍ය මෙන්ම අසත්‍ය පුවත් ද සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය කිරීම ,මාධ්‍ය හමුවලදී ජනාධිපතිවරයා ඉලක්ක කිරීම ,කොරෝනා රෝගය අස්සේ රට මිලිටරිකරණය කරන බවට චෝදනා නැගීම වැනි කරුණු මෙම හමුවේදී සාකච්ඡා කර තිබේ .ඒ සදහා මුදල් ගෙවා වෙබ් ක්‍රියාකාරීන් කිහිප දෙනෙක් ද ,යූ ටියුබ් මෙහෙයුම්කරුවන් ගණනාවක් ද බදවා ගත යුතු බවට චම්පික සහ අනුර දෙදෙනා යෝජනා කර ඇතැයි කියවේ.ඔවුන්ගේ මෙම අතිශය රහසිගත හමුව පිළිබඳ තවත් විස්තර ඉදිරියේදී වාර්තා කිරීමට අපි අපේක්ෂා කරමු.

Leave a reply: