ටෙලිෆෝන් කාඩ් රීලෝඩ් නැතිකමින් ජනතාව පීඩාවේ

රටේ සිටින දසලක්ෂ සංඛ්‍යාත ජංගම දුරකතන භාවිත කරන්නන් සේවය ලබා ගන්නා රීලෝඩ් සහ දුරකතන පෙර ගෙවුම් කාඩ්පත් (ටෙලිෆෝන් කාඩ් ) වෙළෙඳ පොළේ අලෙවි නොකිරීම නිසා ජංගම දුරකතන පාරිභෝගිකයන් දැඩි පීඩාවට පත්ව සිටිති .

මෙරට ජනගහනයටත් වඩා ජංගම දුරකතන භාවිතය පවතී.ඒ සදහා ප්‍රධාන පෙලේ ජංගම දුරකතන සේවා සැපයුම් සමාගම් 5 ක් පමණ සිය සේවාවන් සපයමින් සිටී.විශේෂයෙන් රටේ අඩු ආදායම් ලාභීන් සහ තරුණ පිරිස භාවිත කරන්නේ රී ලෝඩ් හෝ පෙර ගෙවුම් කාඩ්පත් ය.

එම කාඩ්පත්වලට අමතරව දුරකතන ඩේටා කාඩ්පත් ද කිසිම වෙළෙඳ සැලක අලෙවි කිරීමට නැත .මේ නිසා දීර්ඝ ලෙස ක්‍රියාත්මක වන ඇදිරි නීතිය හේතුවෙන් නිවාස වල රැදී සිටින ජනතාවට සන්නිවේදන පහසුකම් සපයා ගැනීම දැඩි දුෂ්කර කටයුත්තක් බවට පත්ව ඇත .

මේ පිළිබඳව ජනාධිපති කාර්‍ය සාධක බලකායට මෙන්ම ජනාධිපතිවරයා ට හා අගමැතිවරයාට ද පාර්ශව ගණනාවක් විසින් පැමිණිලි කර ඇතැයි දැනගන්නට තිබේ .පාරිභෝගික ජනතාව එකහෙළා ඉල්ලා සිටින්නේ තමන්ට අවශ්‍ය කරන මෙම සන්නිවේදන පහසුකම නොපමාව ලබා දීමට කටයුතු කරන ලෙසයි.

Leave a reply: