තනතුරු නැති පිරිසක් ලැබුණු තනතුරු ගැන අසතුටු පිරිසක් ආණ්ඩුවේ ලොක්කන් හමුවට

නව රජයේ තනතුරු නොලද ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන් පිරිසක් හා තමන්ට ලැබුණු පදවි ගැන අසතුටට පත් මැති ඇමැති පිරිසක් ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා මුණගැසී තමන්ගේ පැමිණිලි ඉදිරිපත් කිරීමට තීන්දු කර ඇතැයි වාර්තා වෙයි .

එස්.බී දිසානායක ,මහින්ද සමරසිංහ ,අනුර යාපා ,ජෝන් සෙනෙවිරත්න ,සුසිල් ප්‍රේම ජයන්ත ,රන්ජිත් සියඹලාපිටිය ,චන්දිම වීරක්කොඩි ,ශාන් විජේලාල් ද සිල්වා ආදීහු මෙලෙස පැමිණිලි කිරීමට යන බව වාර්තා වෙයි .එසේම ලැබුණු තනතුරු ගැන අසතුටට පත් දයාසිරි ජයසේකර ,විජේදාස රාජපක්ෂ ,විමලවීර දිසානායක ,ලොහාන් රත්වත්තේ ඇතුළු පිරිසක් ද ලැබුණු තනතුරු ගැන දැඩි අසතුටින් සිටින බව සඳහන් වෙයි .මෙයින් විජයදාස රාජපක්ෂ මහතා දිවුරුම් දීමට පැමිණියේද නැත .

මේ අය ජනාධිපති හා අගමැති මුණගැසීමට දැනටමත් තීන්දු කර තිබේ .කෙසේ වෙතත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කෙරෙන තාක් තවත් නව අමාත්‍යවරුන් පත් කිරීමට රජයට හැකියාවක් නැත .අප වෙත ලැබෙන නවතම වාර්තා කියන්නේ 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ වහාම නැවතත් කැබිනට් සංශෝධනයක් සිදු කරන බවයි.

Leave a reply: