තවත් එ.ජා.ප ලොක්කෝ රනිල් හැර යති.

එ.ජා ප ය අන්ත පරාජයකට ලක්ව තිබියදීත් එහි සදාකාලික නායකයා බවට පත් වී සිටින රනිල් වික්‍රමසිංහ ට විරෝධය පල කරමින් එ.ජා.ප යේ තවත් ප්‍රධානීන් ගණනාවක් රජය හා සජිත් පිල සමඟ එක්වීමට සාකච්ඡා ආරම්භ කර ඇත .

එසේම රනිල්ගෙන් කැපී ගිය රවී කරුණානායක හා නවීන් දිසානායක ඇතුළු පිරිසක් නව පක්ෂයක් සංවිධානය සඳහා සැරසෙන බව ද වාර්තා වෙයි .

කලක් රනිල්ගේ දකුණු අත මෙන් සිටි පක්ෂයේ ප්‍රධානියෙකු රනිල්ගේ ක්‍රියා කලාපයට එරෙහි වී සජිත් පිල ට එක්වන බව කියා තිබේ .මේ බොහෝ දෙනෙක් ඔවුන්ට රනිල් ලබා දුන් තනතුරු බාර නොගන්නා බව ප්‍රකාශ කර ඇත .පසුගිය කාලයේ තමන් නැවත පාර්ලිමේන්තු නොයන බව කියමින් සිටි රනිල් වික්‍රමසිංහ පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයද ලබා ගෙන පාර්ලිමේන්තුවට යාමට තීන්දු කිරීමත් සමඟ පක්ෂ අර්බුදය උග්‍ර විය.

Leave a reply: