ගෝඨාභය ගේ ඉදිරි ආණ්ඩුවේ කැබිනට්ටුවට අලුත් මුහුණු ගණනාවක් පාතාලයන්ගේ තෝම්බුවක් හදයි

තවත් යහපාලන ඇමතිවරයෙක් ළඟදීම කොටුවෙයි.

යහපාලන ආණ්ඩුවේ ප්‍රබල චරිතයක් ලෙස පෙනී සිටි හිටපු ඇමතිවරයෙක් විසින් කරන ලද විශාල වංචා සහ දූෂණ තොගයක් හෙළිදරව් වී තිබේ.මේ සම්බන්ධයෙන් රජයට ලැබුණු පැමිණිලි ගණනාවක් මත කරන ලද රහසිගත විමර්ශනවලින් මොහු පිළිබඳව සියලු තොරතුරු හෙළිදරව් වී ඇතැයි පරීක්ෂණ අංශ පවසයි .

වංචාවට දූෂණයට විරුද්ධ බව කියන රට ජාතිය ආගම ගැන උජාරුවෙන් කතා කරන මෙම ඇමතිවරයා යහපාලන රජය පැවති කාලයේ කොළඹ නගරයේ ව්‍යාපාර සඳහා ඉඩම් පැවරීමේදී රුපියල් මිලියන සිය ගණනක් වංචනිකව අල්ලස් ලෙස ලබා ගෙන ඇතැයි මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින්ගේ ගණනාවක් රජයට රහසිගත ලෙස පැමිණිලි කර තිබිණි.මෙම මුදල් ලබා ගෙන ඇත්තේ ඔහු වෙනුවෙන් ඔහුගේ ලේකම්වරුන් දෙදෙනෙකි .එයින් එක් අයෙක් දැනටමත් විදේශ ගතවී ඇතැයි වාර්තා වෙයි.කොළඹ නගර ආශ්‍රිතව ඇති ප්‍රධාන පෙළේ හෝටලයක ඉදිකිරීම් කොන්ත්‍රාත්තු පැවරීමේ දී ද මෙම තැනැත්තා විශාල දූෂණයක් සිදු කර ඇතැයි වැඩිදුරටත් වගකිව යුතු අංශ වෙත පැමිණිලි ලැබී තිබේ .

මහින්ද රාජපක්ෂ රජයේ මැති ඇමැතිවරුන් හොරුන් වංචනිකයන් දූෂිතයන් බවට චෝදනා කරමින් දිගින් දිගටම මාධ්‍ය හමුවේ කරුණු හෙළිදරව් කල මොහුද රාජිත සේනාරත්න මෙන්ම අන්‍යයන්ට සොරුන් යැයි චෝදනා කරමින් ඊට වඩා දස දහස් ගුණයක වංචා දූෂණ වලට යොමු වූ තැනැත්තෙක් බව මේ ගැන කරන ලද විමර්ශනවලදී හෙළිදරව් වී ඇතැයි ජනාධිපති කාර්යාලීය විශේෂ විමර්ශන අංශය සඳහන් කරයි .

Leave a reply: