තානාපතිකමක් අපේක්ෂාවෙන් දයාන් හිටු කියා ආණ්ඩුවට ගහයි

හිටපු නානාපතිවරයෙකු වන දයාන් ජයතිලක මේ රජයෙන් නැවතත් තානාපතිකමක් ලබා ගැනීම සඳහා බලපෑම් කිරීමේ අරමුණින් රජයට දැඩි ලෙස පහර දෙන්නට පටන් ගෙන තිබේ .

වර්ධරාජා පෙරුමාල්ගෙන් මුල්ම උතුරු පළාත් සභාවේ ඇමැති ධුරයක් දැරූ දයාන් ඉන්පසු ලංකාවේ සෑම පක්ෂයකටම හේත්තු වී තානාපතිකම් ලබාගත් තැනැත්තෙකි ඔහුගේ එකම ආශාව විදේශ තානාපතිකමකි. තානාපතිකමක් නොලැබෙන කල පවත්නා ආණ්ඩුව ට නිර්දය ලෙස පහර දී ආණ්ඩුව බියට පත් කර තානාපති රස්සාවකට පැන ගැනීම ඔහු විසින් වාර ගණනක් සාර්ථක ලෙස අත් හදා බැලූ ක්‍රමයකි.

තානාපතිවරයකු ලෙස ඉතා අදක්ෂ අකාර්යක්ෂම පුද්ගලයෙකු ලෙස සැලකෙන ඔහු මෙවර ගෝඨාභය රාජපක්ෂ රජයට පහර දීමට සජිත් පිල ට හේත්තු වී තිබේ .ප්‍රජාතන්ත්‍රවාදය ,මානව හිමිකම් ,නීතියේ ආධිපත්‍යය ,ජනතාවගේ පරමාධිපත්‍යය ආදී සියල්ල ඔහුට සිහිපත් වන්නේ තානාපතිකමක් නැති කාලයටයි .සජිත් ප්‍රේමදාස ට මංගල පාර්ලිමේන්තු රැස්වීමේදී ඉංග්‍රීසියෙන් කතා කරන්නයැයි ලණුව දුන්නේ ද දයාන් ජයතිලක යි.

ඔහු දැන් කරන්නේ ආණ්ඩුව කරන සියල්ලට පහර දීමය.එහෙත් ජනතාව ට එම ප්‍රහාර දැනෙන්නේ නැත .මන්ද දයාන් ජයතිලක කවුදැයි සියල්ලෝම දන්නා නිසාය .එසේම දයාන් ජයතිලක නොදන්නා තවත් කරුණක් තිබේ .දැන් රටේ පාලකයා ගෝඨාභය රාජපක්ෂ ය.කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ටවත් බිය නොවූ ගෝඨාභය බියට පත් කර තනතුරු ලබා ගැනීම දයාන් ජයතිලක දකින දවල් හීනයක් බව නොදන්නේ ඔහු පමණය.

Leave a reply: