තීරණාත්මක නඩු තීන්දුව ලබන සතියේ

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලමින් ගොනු කළ පෙත්සම් 8ක් පිළිබඳ මූලික විරෝධතා නඩු තීන්දුව ලබන බදාදා වන විට ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි අධිකරණ ආරංචි මාර්ග කියයි.

මෙම වසරේ ප්‍රකාශයට පත් කෙරෙන අතිශය තීරණාත්මක නඩු තීන්දුව වන මේ ගැන මුලු රටේම අවධානය යොමුව තිබේ .ශ්‍රේෂ්ඨාධිකරණ ආරංචි මාර්ග ප්‍රකාශ කරන ආකාරයට අදාළ පෙත්සම් ගැන කෙරෙන කරුණු දැක්වීම ලබන සදුදා හමාර කිරීමට නියමිතය .

මෑත ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසයේ පූර්ණ විනිසුරු මඩුල්ලක් දින 11 කට වැඩි කාලයක් එක දිගට විභාග කළ මෙම පෙත්සම් වෙනුවෙන් දිවයිනේ ජ්‍යෙෂ්ඨතම ජනාධිපති නීතිඥවරු පෙනී සිටියහ .මෙම මූලික විරෝධතා පිළිබඳ නඩු තීන්දුව දීමෙන් පසු නැවතත් නඩුව විභාගයට නොගතහොත් මහ මැතිවරණය ලබන අගෝස්තු මස දෙවන සතියේ පැවැත්වීමට මැතිවරණ කොමිසම ට හැකියාව ලැබෙන බව එහි ප්‍රකාශකයෙක් අප වෙබ් අඩවිය සමග පැවසීය .

මේ සදහා දැනට මූලික විධි විධාන යොදමින් පවතින අතර පවත්නා කොරෝනා වසංගතය නිසා මහ මැතිවරණය දින දෙකකදී පැවැත්වීමට ඉඩ ඇතැයි මැතිවරණ කොමිසම පවසයි .

Leave a reply: