තීරු බදු සහන යටතේ යුරෝපයේ රටවලට භාණ්ඩ අලෙවි කිරීමට ලබා දී තිබෙන ජී.එස්.පී සහනය සීමා කිරීමට හෝ අහෝසි කර දැමීමට ජිනීවා මානව හිමිකම් කොමිසම කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි .

ඔවුන් මෙබඳු තීරණයක් ගන්නට යන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයෙන් මෙරට ප්‍රජාතාන්ත්‍රික අයිතීන් උල්ලංඝනය වන බවට චෝදනා නගමිනි .ඊට අදාළ පැමිණිලි ගණනාවක් සමගි ජනබලවේගය හෙවත් සජිත් පිල සහ කැනේඩියානු දෙමළ ඩයස්පෝරාව විසින් සිදුකර ඇතැයි රජයට තොරතුරු ලැබී ඇත .

යුරෝපයේ රටවල් 28 කට ඇඟලුම් ,මාලු,එළවළු ,තේ ආදී ප්‍රධාන දේශීය ද්‍රව්‍ය වාර්ෂිකව අපනයනයෙන් ඩොලර් බිලියන ගණනාවක ආදායමක් ශ්‍රී ලංකාව ට හිමිවෙයි .2009 උතුරේ කොටි යුද්ධය හමාර කළ අවස්ථාවේදීත් මෙම තත්ත්වයට සමාන තත්ත්වයක් හට ගැනුණි .එහෙත් යහපාලන රජය යටතේ නැවතත් එම සහනය හිමි විය. ජාත්‍යන්තර එන්.ජී.ඕ සංවිධානවල උදව්වෙන් යහපාලන කාලයේ සම්මත කර ගත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා තමන්ට නිසි ලෙස රාජ්‍ය පාලනය කරගත නොහැකි බව කියමින් වත්මන් රජය එම සංශෝධනය අහෝසි කිරීමට සියල්ල සැලසුම් කර තිබේ .යුරෝපා සංගමය ඔවුන්ගේ ජී.එස්.පී අවිය අපට එරෙහිව දිගු කළද ජනාධිපතිවරයා හා අගමැතිවරයා තමන්ගේ තීන්දුව වෙනස් නොකරන බව ප්‍රකාශ කළේය .

හේමසිරිගේ සාක්ෂිය තහවුරු කරන්න හිටපු පොලිස්පතිත් එයි.මෛත්‍රී අමාරුවේ.

Leave a reply: