ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

තුන් දහසක් නිරෝධායනයේ

ත්‍රිවිධ හමුදාව පොලීසිය සහ පුද්ගලික අංශයේ ද සහාය ඇතුව නිරෝධායන මධ්‍යස්ථාන 45ක පුද්ගලයන් 3361 දෙනෙක් ඉරිදා දිනය වන විට කොරෝනා නිරෝධායනයට යොමු කර ඇත .

මෙයින් නිරෝධායන මධ්‍යස්ථාන 41 ක්ම පවත්වා ගෙන යන්නේ යුද හමුදාවයි.ඉතිරි ඒවා නාවික සහ ගුවන් හමුදාව විසින් සංවිධානය කර තිබේ .

මේවාට අමතරව සූදානමක් ලෙස වැලිකන්ද රෝහල,නෙවිල් ප්‍රනාන්දු රෝහල ,පුත්තලම අමෙරිකානු හඩ ගුවන් විදුලි සංකීර්ණ ගොඩනැගිල්ල ,මුල්ලේරියාව රෝහල ඇතුළු දිවයිනේ සියලුම ශික්ෂන රෝහල් වලද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවා ඇති බව රජය පවසයි .

ඇදිරි නීතිය දිගටම ක්‍රියාත්මක කරමින් රජය රෝග ව්‍යාප්තිය පාලනය ට ගත් උත්සාහය නිසා දැන් කොරෝනා රෝගය පැතිරීම දැඩි ලෙස පාලනය වී ඇතැයි වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය .ඒ අතර ඇදිරි නීතිය නිසා අපහසුවට පත්වී සිටින දෛනික රැකියා කරන්නන් සහ සමෘද්ධි ලාභින් වෙනුවෙන් සහන සැලසීමට රජය විශේෂ වැඩ පිලිවෙලක් හෙට සිට දියත් කිරීමට නියමිත බව සදහන් වේ

Leave a reply: