තුසිත් මුදලිගේ කොටුවන ලකුණු .

පසුගිය රජය සමයේ දූෂණ විරෝධී කමිටුව නම් නීතියට පටහැනි දේශපාලන ජුන්ටාවක සේවය කරමින් දීමනා මුදල් ලබාගත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ නැමැත්තාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි රජය ප්‍රකාශ කරයි . මෙලෙස දූෂණ විරෝධී කමිටුවෙන් මාසික වැටුප් ලබා ගෙන ඇත්තේ ඔහු නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලද වැටුපට අමතරව වශයෙනි. එය සහමුලින්ම නීතියටපටහැනි ක්‍රියාවක් බව පාර්ලිමේන්තුවේ දී අනාවරණය වෙයි.

මෙම තොරතුරු හෙළිදරව් වූයේ ඊයේ (බදාදා) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රී සරත් යාපා බණ්ඩාර මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ ප්‍රශ්නයකට ලබා දුන් පිළිතුරක් හේතුවෙනි. මෙහිදී අග්‍රාමාත්‍යවරයා තුසිත් මුදලිගේ ලබාගත් මුදල් පිළිබඳ සංඛ්‍යා ලේඛන සහිතව සියලු ලිපි ලේඛන පාර්ලිමේන්තුවේ සභාගත කළේය.ඒවා දැන් ප්‍රසිද්ධ ලිපි ලේඛන වන බැවින් රටේ ඕනෑම පුරවැසියෙකුට පරීක්ෂාකල හැකි බවද රජය ප්‍රකාශ කරයි.

මෙම තොරතුරු හෙළිදරව් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පාර්ලිමේන්තුවට දන්වා සිටියේ පවත්නා තත්ත්වය සම්බන්ධව නීතිපතිවරයාට විශේෂ වාර්තාවක් මඟින් කරුණු දැනුම් දෙන බවයි. ඉන් අනතුරුව මෙම නිලධාරියා ගැන නීතිමය පියවර ගන්නා ලෙස දැනුම් දෙන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.ඒ අනුව අගමැතිවරයා විසින් සභාගත කරන ලද දූෂණ විරෝධී කමිටුව නම් සංවිධානයට අදාළ ලිපි ලේඛන සියල්ලම අද හෙටම නීතිපතිවරයාට ලියවෙනු ඇත.

Leave a reply: