තොණ්ඩමන්ට ඇමෙරිකාවෙන් සල්ලි

ලංකා වතු කම්කරු කොන්ග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා ගේ සහාය පොහොට්ටුවට ලැබීම වැලැක්වීම සදහා ඇමෙරිකානු තානාපති කාර්‍යාලය දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බව වාර්තා වේ. පසුගියදා තොණ්ඩමන් මහතා හමුවුණ ඇමෙරිකානු තානාපති කාර්‍යාලය බලධරයන් පිරිසක් ඔහුගේ ඉදිරි අනාගත දේශපාලන කටයුතු ගැන  දීර්ඝ සාකච්ඡාවක් පවත්වනු ලැබීය. ඔහුගේ කටයුතුවලට අවශ්‍ය ආර්ථික ආධාර සහ උපකාර ලබා දීමට මෙම නිලධාරීන් පිරිස පොරොන්දු වී ඇතැයි සදහන් වේ.

මේ සියලු පොරොන්දු ඉටු කරන්නේ  තොණ්ඩමන් මහතා එ.ජා.ප වේදිකාවට නැග සජිත් ප්‍රේමදාස මහතා ට සහාය පල කිරීම තහවුරු කිරීමෙන් පසුව බවද ඔහුට දන්වා ඇත. එහෙත් තොණ්ඩමන් මහතා පැහැදිලි පිලිතුරක් ලබා දී නැත්තේ ඔහුගේ ප්‍රධාන දේශපාලන එදිරිවාදියා වන පලනි දිගම්බරම් අමාත්‍යවරයා සජිත් ගේ කදවුරේ සිටීම නිසාය. තොණ්ඩමන් අමෙරිකානු නිලධාරීන් සමග සාකච්ඡා කරන අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වතුකරයේ දේශපාලන කටයුතු වලට එම ප්‍රදේශයේ ජනතාව ගේ ගරුත්වය සහ ආදරය දිනාගත් ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා ගේ සහභාගිත්වය ලබාගෙන ඇත. මේ නිසා බියට පත්වී ඇති තොණ්ඩමන් මහතා වතුකරයේ සිය දේශපාලන බලය රැකගැනීම සදහා නැවතත් මහින්ද රාජපක්ෂ කදවුර වෙත පණිවිඩ එවන්නට පටන් ගෙන ඇතැයි වාර්තා වේ.

Leave a reply:

Site Footer

Sliding Sidebar

Social Profiles

Facebook Page