ස්වාධීන කොමිෂන් සභා පක්ෂග්‍රාහී බව අල්ලස් දූෂණ කොමිසමෙන් ද තහවුරුවෙයි. ජනපතිට නඩු දමන්නට ගිය මංගලට සහ චම්පිකට ඇමරිකානු තානාපති ගෙන් හොඳ පිළිතුරක්.

දයාසිරි මහින්දගෙන් 1/3 කෝටාවක් ඉල්ලයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඉදිරි මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගෙන් 1/3 ක පංගුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දුන්නේය .මේ සතියේ පැවති ආණ්ඩුවේ පක්ෂ නායකයන් ගේ කණ්ඩායම් රැස්වීමේදී මහ ලේකම්වරයා මෙම ඉල්ලීම කළේය.

මෙහිදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ඒ ඒ පක්ෂවලට ලැබෙන අපේක්ෂක කෝටා කුමක් වුවත් මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමේ හැකියාව තිබෙන අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට පොහොට්ටුවේ අරමුණ බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා මෙහිදී තවදුරටත් කියා තිබුණේ ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අත්සන් කළ අවබෝධාත්මක ගිවිසුම අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජන්ද අපේක්ෂකයන්ගෙන් 1/3 ක් ලබා දී ඇති බවට පොරොන්දු දී ඇති බවයි.

මහින්ද රාජපක්ෂ මහතා ඊට ප්‍රතිචාර දක්වමින් වැඩිදුරටත් කියා තිබුණේ බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණි පසු ඒ පිළිබඳව සාකච්ඡා කර තීන්දුවක් ගත හැකි බවය .ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හවුල්කාර පක්ෂ රාශියක් සිටින බවත් ඔවුන් සැමටම සාධාරණය ඉටු කිරීම තම වගකීම බවත් මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය.

ඒ ඒ දිස්ත්‍රික්ක වල මැතිවරණ හා අපේක්ෂකයන් අතර මනාප ප්‍රශ්න ඉස්මතු කරගෙන ආරවුල් ඇති කර නොගන්නා හැටියටත් ඔහු පක්ෂ නායකයන්ට දැන්වීය.

Leave a reply: