දිලීප්ගේ අමු මාළු වැඩේට මන්ත්‍රීලා- දොස්තරලා බණිද්දී දිලීප් සතුටින්.

විපක්ෂ මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා මාධ්‍ය සාකච්ඡාවක් තබා අමු ලින්නා මාළුවෙක් අනුභව කිරීම ගැන සජිත් පිලේ මන්ත්‍රීවරු දිලීප් වෙදආරච්චි මන්ත්‍රීවරයා ට දැඩි ලෙස දොස් නගා ඇත .එහෙත් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා ඇත්තේ එය කදිම මාධ්‍ය උපක්‍රමයක් බවය.එසේ වුවද මන්ත්‍රීවරුන් දිගින් දිගටම කියා තිබුණේ එය අශීලාචාර වැඩක් බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ද මෙම ක්‍රියාව බරපතළ වරදක්යැයි කීය.එය ලෙඩ රෝග බෝවීමට ප්‍රධාන හේතුවක් නිසා කිසිම කෙනෙකු එලෙස අමු මාළු නොකෑ යුතු යැයි සභාපතිවරයා මාධ්‍ය ට කීය.එය දරුවන් ට පෙන්වීමද වරදක් යැයි ඔහු කීය.

එහෙත් මේ සියල්ලට සතුටින් ප්‍රතිචාර දැක්වූ මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා ප්‍රකාශ කරන්නේ තමන් අමු මාලු කෑම නිසා ජනතාව මාලු කන්නට තිබූ බිය පහවූ බවයි .ඉන්පසු දැන් හොඳින් මාලු අලෙවි වෙන්නට පටන් ගෙන ඇතැයි පැවසූ හෙතෙම ඒ ගැන තමන් ඉන්නේ ඉතාමත් සතුටින් යැයි ද මාධ්‍ය හමුවේ කීය.

Leave a reply: