දෙමළ සන්ධානයෙන් යූ.එන් .පි යට,සජිත් පිල ට පාඩමක්

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කොරෝනා රෝග මර්දනය සම්බන්ධයෙන් රජය ගත් පියවර විස්තර කිරීමට කැදවන ලද මහජන නියෝජිත හමුව එ.ජා .ප ය හා සජිත් පිල වර්ජනය කළේය .

එ.ජා .ප යේ අත කොලුවක් ලෙස ක්‍රියා කරන ජ.වි.පෙ ද ඒ මගම ගියේය .එහෙත් ජනතාවට වග කියන දේශපාලන පක්ෂයක් ලෙස දෙමළ ජාතික සන්ධානය මෙම රැස්වීමට සහභාගි විය.

විපක්ෂයේ සෙසු පක්ෂ රැස්වීම වර්ජනය කළද දෙමළ සන්ධානය ඊට පැමිණි හේතුව පක්ෂ නායක ආර්.සම්පන්දන් මහතා විස්තර කළේය .

ඔහු කීවේ උතුරු නැගෙනහිර ජනතාව ට බලපාන ප්‍රශ්න රටේ අගමැතිවරයා ට කියා විසදා ගැනීම තම යුතුකම නිසා රජයේ මෙම රැස්වීම් වලට සහභාගි වන බවය.තමන් සිටින්නේ තම ජනතාව ගේ අවශ්‍යතා ගැන සොයා බැලීමට බැවින් පටු දේශපාලනයෙන් තොරව ක්‍රියා කරන බව ප්‍රවීණ දේශපාලන නායකයෙකු වන සම්පන්දන් මහතා කීය.

දෙමළ සන්ධාන නායකයා ගේ මෙම ප්‍රකාශය රැස්වීම වර්ජනය කළ විපක්ෂයේ සෙසු පක්ෂවලට දුන් අතුල් පහරකි.

ඔවුන්ට ද තම අනුගාමික ජනතාව වෙනුවෙන් තිබෙන වගකීම ඉටු කිරීම මිස දේශපාලන වාසි උදෙසා ‘ගේම්’ ගැසීම මෙබඳු විපතකදී සිදු නොකළ යුතු බව සම්පන්දන් මහතා පෙන්වා දීම ගැන අගමැතිවරයා ද ඔහුට ස්තූති කළේය .

Leave a reply: