දෙස් විදෙස් ආයෝජකයෝ කොළඹ කොටස් වෙළෙඳ පොළේ මහා සටනක.

දේශීය හා විදේශීය ආයෝජකයන් ඉතා තරගකාරී ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළේ ගනුදෙනු කිරීම නිසා වසර ගණනාවකට පසු කොටස් වෙළෙඳ පොළ ඉහළම පිරිවැටුම හා දර්ශකය වාර්තා කළේය .මෙතරම් ඉහළ පිරිවැටුමක් හා වෙළෙඳ පොළ දර්ශකයක් වාර්තා කළේ වසර 10 කට පසුය.

කොරෝනා වසංගතය මධ්‍යයේත් මේ ආකාරයට කොටස් අලෙවිය වේගවත් වූයේ අනාගත ව්‍යාපාර අපේක්ෂා පුලුල් වීම නිසාය .අවසන් වරට 2011 දී ඉහළ වර්ධනයක් පෙන්වූ කොටස් වෙළෙඳ පොළ සියලු මිල දර්ශක අගය 7811 ක් වූ අතර එය මෙවර 7922 ක් දක්වා ඉහළ නැගිනි.

මෙරට ප්‍රධාන සමාගම් රැසක කොටස් අගය ඉහළ ගොස් ඇත .ඊයේ සඳුදා දිනයේ පමණක් කොටස් වෙළෙඳ පොළ පිරිවැටුම රුපියල් කෝටි දහස ඉක්මවීය.එය රුපියල් කෝටි 1218 ක් ලෙස සටහන් වී තිබුණි .එදින තුළ වෙළෙඳ පොළ ගනුදෙනු 67,000 ක් සිදුවීමද විශේෂයකි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන අවලාද නගන විපක්ෂය මෙම වර්ධනයන් හමුවේ මුනිවත රකින අතර ආණ්ඩුවද ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් ප්‍රචාරයක් ලබා නොදීම කැපී පෙනේ.

Leave a reply: