දේශපාලන පලිගැනීම් කොමිසමේ වාර්තාව ළඟදීම.

යහපාලන රජය මගින් කරන ලද දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ ආන්දෝලනාත්මක වාර්තාව තවත් සති තුනකින් පමණ ජනාධිපතිවරයා ට බාරදීමට නියමිත බව වාර්තා වෙයි .

මෙම කොමිසම මාස 10 කට වැඩි කාලයක් දේශපාලන පලිගැනීම් පිළිබඳව විමර්ශනය කළේය .නීති විරෝධීව පවත්වා ගෙන ගිය එෆ්.සී .අයිඩිය ගැනත් ,එහි ක්‍රියාකාරකම් වලට නියෝග දුන් අය ගැනත් දීර්ඝ සාක්ෂි විභාගයක් පැවැත්වීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ,හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු යහපාලන රජයේ ප්‍රධානීන් රැසකගෙන් මෙහිදී සාක්ෂි ලබා ගත්හ.එෆ්.සී.අයිඩිය පිහිට වූ ගැසට් පත්‍රය නීති විරෝධී බව රනිල් වික්‍රමසිංහ පිළිගත්තේ එහිදී ය.රනිල් ,මෛත්‍රී සාක්ෂි ලබා දුන්නද යහපාලන රජයේ දේශපාලන පලිගැනීම් සිදු කළ කොමිටියේ (නීති විරෝධී ජුන්ටාවේ ) ප්‍රබලයන් වූ චම්පික රණවක ,රාජිත සේනාරත්න ,ජ.වි.පෙ නායක අනුර දිසානායක ඇතුළු පිරිසක් කොමිසමේ සිතාසි අනුව සාක්ෂි දීමට පැමිණියේ නැත .ඔවුන්ට එරෙහිව ලැබී තිබෙන ප්‍රබල සාක්ෂි නිසා පිළිතුරු දීගත නොහැකිව ඔවුන් කොමිසම වර්ජනය කළ බව වාර්තා විය.එහෙත් එය ජනාධිපති කොමිසම ට අපහාසයක් බැවින් සාක්ෂි නොදුන් මැති ඇමැතින් ට එරෙහිව කොමිසම විසින් ඇපැල් උසාවියේ දැනටමත් නඩු පැවරීමට ක්‍රියා කරමින් සිටී.

කොමිසමේ සාක්ෂි විභාග අවසන් වීමත් සමඟ එහි වාර්තාව සම්පාදනය කරනු ඇත . සති තුනකින් එය ජනාධිපතිවරයා ට බාර දුන් පසු එම වාර්තාව නීතිපති හරහා වහාම ක්‍රියාත්මක කිරීමට ද රජය තීන්දු කර තිබේ .

Leave a reply: