දොස්තර පාදෙණිය සහ මුරුත්තෙට්ටුවේ හිමි රාජිත වෙනුවෙන් කඹ අදිති

පසුගිය රජය කාලයේ විවිධ දූෂණ චෝදනා ලත් බාල බෙහෙත් ගෙන්වීමෙන් අසරණ රෝගී ජනතාවගේ ජීවිත අනතුරේ දැමූ හිටපු අමාත්‍යවරයා දොස්තර රාජිත සේනාරත්න හොරෙක් නොවේයැයි කියමින් සහතික දෙන්නට ගිය හෙද සංගම් සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට ජනතා විරෝධය එල්ල වී තිබේ .

පසුගිය කාලයේ පොහොට්ටුවේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කැපවීමකින් ක්‍රියා කළ ආනන්ද හිමියන් පාක්ෂිකයන් ගේ ගරුත්වයට පාත්‍ර වූ හිමිනමකි .උන්වහන්සේගේ මෙම ක්‍රියාව රාජිත ගේ බාල බෙහෙත් ජාවාරම මුල්වරට හෙළිදරව් කළ දොස්තරවරුන්ගේද අප්‍රසාදයට ලක්ව ඇත .ආනන්ද හිමි රාජිත වෙනුවෙන් පෙනී සිටීම ගැන දොස් නැගූ දොස්තර සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය තමන්ට මෙම චෝදනාව එල්ල කරන්නේ ඔහු අමාත්‍යංශ ලේකම් ධුරයට පත් කිරීමට ගත් උත්සාහය තමන් විසින් වැළකූ නිසා යැයි ආනන්ද හිමියෝ පෙරලා චෝදනා කළහ .කෙසේ වෙතත් ප්‍රබල වෘත්තිය සංගම් නායකයකු වන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් රාජිත සේනාරත්න වැනි බරපතළ චූදිතයෙකුට සුදු හුණු ගාන්නට යාම පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ දැඩි විරෝධයට ලක්ව ඇත .

Leave a reply: