නඩුවලට කොටු වූ අය කැළඹේ.

විපක්ෂය නියෝජනය කරන නඩු රැසකට කොටු වූ මැති ඇමැතින් හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැඩි කැළඹීමකට ලක්ව සිටින බව වාර්තා වෙයි .ඉන් බොහොමයක් නඩු ලබන ජනවාරියේ සිට විභාග කෙරෙන නිසාත් නඩු රැසක්ම සාක්ෂි සහිතව තහවුරු කර ඇති නිසාත් මෙලෙස ඔවුන් කැළඹී සිටිති.

එලෙස කැළඹී සිටින අය අතර චම්පික රණවක ,රාජිත සේනාරත්න ,රන්ජන් රාමනායක ,රිෂාඩ් බදුර්දීන් ,කබීර් හෂීම් ,පී හැරිසන් (තවමත් විමර්ශන අවධියේ පවතින නඩු ඇත්තන්) සහ ලක්ෂ්මන් කිරිඇල්ල වෙති.මෙයින් බොහෝ දෙනෙකුට දූෂණ හා ටෙන්ඩර් වංචා නඩු ඉදිරිපත්ව තිබේ .දෙදෙනකු ට පමණක් අපරාධ නඩු දමා ඇත .ඒ චම්පික හා රාජිත යන හිටපු අමාත්‍යවරුන් ය.එම නඩු ත්‍රීපුද්ගල මහාධිකරණ හමුවේ අධි චෝදනා මත පවරා තිබේ .ලබන ජනවාරියේ සිට අඛණ්ඩව මේවා විභාග කෙරේ .රන්ජන් රාමනායක උසාවිය ට අපහාස කිරීමේ නඩු තීන්දුව පෙබරවාරියට පෙර ප්‍රකාශ කිරීමට ද අධිකරණය තීන්දු කර ඇතැයි වාර්තා විය .

Leave a reply: