නම් වෙනස් කළ අර්ජුන මහේන්ද්‍රන් කොටු කරන්න රතු වරෙන්තුවක්.

මහ බැංකු වංචාවේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන අර්ජුන මහේන්ද්‍රන් හෙවත් හර්ජාන් ඇලෙක්සැන්ඩර් නැමැත්තා සිංගප්පූරුවේ සිට මෙරට අධිකරණය ට ගෙන්වා ගන්නට අවශ්‍ය නීතිමය කටයුතු ආරම්භ කර තිබේ .ඒ සඳහා ජාත්‍යන්තර රතු වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

හර්ජාන් ඇලෙක්සැන්ඩර් ලෙස තමන්ගේ නම වෙනස් කරගෙන ඇති අර්ජුන මහේන්ද්‍රන් ගැන සියලු තොරතුරු සිංගප්පූරු ස්වදේශ අමාත්‍යාංශය ශ්‍රී ලංකාවට දැන් එවා තිබේ. ඔහු මෙරට උදර්පණය කිරීමට අවශ්‍ය නියෝග එරට රජයට ඉදිරිපත් කොට රතු වරෙන්තුවක් ද ලැබෙන්න සැලසූ පසු පොදු රාජ්‍ය මණ්ඩලීය නීති ද සලකා බලමින් ජාත්‍යන්තර අපරාධ කරුවෙකු ලෙස සලකා ඊට අදාල පියවර ගත හැකි බව සිංගප්පූරු ස්වදේශ අමාත්‍යාංශය රජයට ප්‍රතිඥා දී තිබේ .

ඊට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ගෙන් මේ ගැන කට උත්තර ගැනීමට නීතිපතිවරයා මේ සතියේ පොලිස්පතිට උපදෙස් දුන්නේය .එම ප්‍රශ්න කිරීම ලබන සතියේ දී සිදුකරනු ඇතැයි වාර්තා වේ මෙම ප්‍රශ්න කිරීමේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බැඳුම්කර වංචාවට අදාළව මෙතෙක් හෙළිදරව් නොවූ කරුණු රාශියක් ඉදිරිපත් කරනු ඇතැයි දැනගන්නට ඇත. බැඳුම්කර කොමිසමේ වාර්තාවේ හෙළිදරව්නොවූ පිටු 121 පමණ කොටසක රනිල් වික්‍රමසිංහ ඇතුළු ප්‍රධාන චූදිතයන්ට අදාළ රහසිගත චෝදනා රැසක් ගැබ් වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි .රවී කරුණානායක මලික් සමරවික්‍රම කබීර් හෂීම් සහ ලක්ෂ්මන් කිරිඇල්ල යන හිටපු අමාත්‍ය වරු මෙහි සෙසු පීඩිතයන් අතර වන බව දැනගන්නට ඇත .මෙයට පෙර අවස්ථාවක ද අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර ඇතත් ඔහුගේ නම වෙනස් කිරීමෙන් පසු එම වරෙන්තුව අලුත් කළ යුතු බව නීති අංශවල මතය වී තිබේ.

Leave a reply: