නව අල්ලස් කොමිසමක් සහ මානව හිමිකම් කොමිසමක්.

ඉදිරි දෙසතිය තුළ නව අල්ලස් දූෂණ කොමිසමක් සහ මානව හිමිකම් කොමිසමක් පත් කිරීමට රජය සැලසුම් කර තිබේ .සෙසු කොමිෂන් සභා පත් කෙරෙන්නේ ඉන් අනතුරුවය.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත කරන ලද නව පාර්ලිමේන්තු සභාව මඟින් මෙම කොමිෂන් සභා සඳහා සුදුස්සන් තෝරා ගැනෙයි.පාර්ලිමේන්තු සභාවේ සාමාජිකයන් ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන ,අගමැති මහින්ද රාජපක්ෂ ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ,ඇමැති ඩග්ලස් දේවානන්ද සහ විපක්ෂ මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරුන් දැනටමත් නම් කර තිබේ .

මෙම සභාව ඇඳිරි නීතිය හමාර වූ වහාම රැස්වී නව අල්ලස් කොමිසම ක් හා මානව හිමිකම් කොමිසමක් පත් කරයි.දැනටමත් එම තනතුරු සඳහා පත් කිරීමට නාම යෝජනා ලැයිස්තුවක් සකස් කර තිබේ .එම ලැයිස්තුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරුන් ,පරිපාලන සේවයේ ඉහළම නිලධාරීන් සහ විද්වතුන් රැසක්ම ඇතුළත් වන බව වාර්තා වෙයි .මේ අය අතරින් සුදුස්සන් තෝරා ගැනීම ජනාධිපතිවරයා විසින් දැනටමත් ආරම්භ කර තිබේ .

Leave a reply: